නිමිත්ත : කුසුමෙගේ සැමියා වැඩ කළේ ලී මෝලක ය.නොබෝදා මහ කියතට හසුව ඔහුගේ අත මැණික් කටුවෙන් වෙන් විය.
ගහට ගහක් මුණ ගැහෙනා මොරටුවට
ගැහැට මැදින් කොට ඇද්දා මෝලකට
වේලක් අතැර වේලක් හරි දුන් බඩට
දොසක් කියන්ඩ ද කැරකෙන කියතකට
රෑට බතට ලිප සරි කර තියල්ලා
පානු පැයෙන් ඉගිලුණි මගෙ කුරුල්ලා
වනේ දෙවි ගොල්ල රොස්වී හැවිල්ලා
අනේ පොක්කලං පිරි අත උගුල්ලා
සඳේ මුදු ගුණය හිස මත ගෙනාවා
අතේ රළු ඇඟිලි තුඩු වාසනාවා
තලේ මුවත රාහුට පෑහුනේයා
සෙනේ මැණික් කටුවෙන් වෑහුනේයා
කොටං ඇදපු මගෙ ඇත් රජු ලෙඩ ගානේ
ඕලු මුවන් දලු බුදිනව වන දහනේ
මාර කියත මදිමින් දත්තක් ගානේ
දාර වනය බිඳිනවමයි මේ කුසුමේ
ගහට ගහක් මුණ ගැහෙනා මොරටුවට
ගැහැට මැදින් කොට ඇද්දා මෝලකට
වේලක් අතැර වේලක් හරි දුන් බඩට
දොසක් කියන්ඩ ද කැරකෙන කියතකට
රෑට බතට ලිප සරි කර තියල්ලා
පානු පැයෙන් ඉගිලුණි මගෙ කුරුල්ලා
වනේ දෙවි ගොල්ල රොස්වී හැවිල්ලා
අනේ පොක්කලං පිරි අත උගුල්ලා
සඳේ මුදු ගුණය හිස මත ගෙනාවා
අතේ රළු ඇඟිලි තුඩු වාසනාවා
තලේ මුවත රාහුට පෑහුනේයා
සෙනේ මැණික් කටුවෙන් වෑහුනේයා
කොටං ඇදපු මගෙ ඇත් රජු ලෙඩ ගානේ
ඕලු මුවන් දලු බුදිනව වන දහනේ
මාර කියත මදිමින් දත්තක් ගානේ
දාර වනය බිඳිනවමයි මේ කුසුමේ
Pembariyagen Wenwuna Lulek Hareyi Alakata - පෙම්බරියගෙන් වෙන්වුන ලුලෙක් හැරෙයි ඇලකට
- Publisher: Silika Publication - සිලිකා ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Timran Keerthi - ටිම්රාන් කීර්ති
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- - Rajatha Pusthaka Award Nominated Books 2019 - 2019 රජත පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789553515025
- Availability: Out Of Print
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
E Jetteke Giye Samansirimayi - ඒ ජෙට්ටෙකේ ගියේ සමන්සිරිමයි
රත්තරන් අම්මෙක් එයා බිරිඳයි මායි මැද්දට ආව ගියා එයා ඒ නිසාමයි කිව්වෙ මිඩ් වයිෆ් කියා දෙවතාවක්ම පල දැ..
Rs. 500.00
Yannan Chandare - යන්නං චන්දරේ
රත්තරන් අම්මෙක් එයා බිරිඳයි මායි මැද්දට ආව ගියා එයා ඒ නිසාමයි කිව්වෙ මිඩ් වයිෆ් කියා දෙවතාවක්ම පල දැ..
Rs. 450.00
Sada Haduna Hati - සඳ හැදුන හැටි
යමුනා, වොල්ගා, සරාභූ නිකන්ම නිකම් දිය ධාරාවලට මේ ලස්සන ගෑනු නම් ඇමැට්ටුවද? හිඳෙන, පිරෙන, නගින බහින, ..
Rs. 690.00