නවකතා චක්‍රවර්තී ඩබ්ලියු. ඒ. සිල්වා ශූරීන් රිදී හවඩිය ප්‍රස්තාවනාවේ දැක්වේ. රිදී හවඩිය මුල්වරට පළවූයේ 1962 දීය.
‘සූදුව අපේ ජාතික විපතක්. විශේෂයෙන් අශ්ව රේස් නිසා අද බොහෝ දෙනා පිරිහෙනවා. මේ රේස් ඔට්ටු ඇල්ලීමේ පල -විපාක ඉතා ම දරුණුයි-භයානකයි. තමුසෙට මතක ද ගිය ඉරිදා රතු-මහත පුරුෂයෙක් මගේ ඇඳ ළඟ හිටගෙන, හීන් කෙඳිරිල්ලක් කළා. එ් මගේ හොඳ මිත‍්‍රයෙක්. මිනිහා සෑහෙන පඩියක් ලබන, යමක්-කමක් හරිහම්බ කර ගත්, වැදගත් මහත්මයකු හැටියටයි මා දැනගෙන හිටියේ. අපේ මිත‍්‍ර කමට දැන් විසි අවුරුද්දක් තරම් උනා, එදාට කලියෙන් කිසි දවසක ගනුදෙනුවක් ගැන වත්, නැති - බැරි කමක් ගැනවත් කතා කළේ නෑ. නමුත් එදා එ් කෙඳිරිල්ල මේ ලෙඩ ඇඳේ ඉන්නා මගෙන් රුපියල් තුන්දහක ණයක් ඉල්ලා ගන්නයි. මා පුදුමයෙන් විපරම් කළා. මොක ද කාරණය ? රේස් - සූදුවට ගිහින් ඇති නැති දේ සියල්ල නැති කර ගෙන, රට - දහට ණය වෙලා - බැරි තැන, ගිනි පොළියට බායියකුටත් අහු වෙලා - එල්ලෙන්න වැල් නැති වෙලා. ඔන්න බලනවා අයිසේ, රේස් කෙළියේ හැටි! මගේ මේ අලූත් ම පොතෙන්, රේස් සූදුවේ ආදිනව රටට පෙන්නා දෙන්න අදහස් කෙළේ ඔන්න ඔය කාරණය නිසායි
Ridi Hawadiya - රිදී හවඩිය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - W A Silva - ඩබ්ලිව් ඒ සිල්වා
- ISBN: 9789552008103
- Availability: Out Of Stock
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60