"ඔන්න මම ආවා හීනයක් වෙලා. දැන් ඉතින් ආයෙ එලවනව බොරු. හීනවලට වැට කඩොලු දාන්න පුලුවන් කාටද ?
ඔයා මෙච්චර කල් ජීවත් වුණේ කවුදෝ හදලා දුන්න න්‍යාය පත්‍රයකට අනුව. ඒ න්‍යාය පත්‍රයේ අපි වගේ මිනිස්සු හිටියෙම නෑ. ඇත්තටම මෙච්චර කල් ජීවත් වෙලා නෑ කියන්නත් පුළුවන්. ඔන්න දැන් හීනෙන් මං ඇවිත් ඉන්නවා, ඔයා ඔතන නිදාගෙන ඉන්නවා. ඔන්න දැන් ජීවිතේ තියනවා.
ඔයා කවදාවත් දැනන් හිටියේ නෑ ඇත්ත ජීවිතේ වගේ තමන්ට ඕනි ඕනි විදිහට හීන ලෝකෙ මෙල්ල කරන්න බැරි විත්තිය. හීනෙකට මම එන එක නවත්තන්න සක්කරයටවත් පුළුවන් ද? හීන ලෝකෙට තියෙනවැ උස් මිටිකම්, පන්ති බේද, මහන්තත්තකම්.
ඔයා ඇත්ත ලෝකෙදි මට අගු පිළක් දුන්නම, මම කරබාගෙන හිටියා. උඹ හිතුවා මගේ මෝඩකම, ගොන්කම කියලා, නල්ල මලේ බඩුවක් තමයි කියලා. එදා ඉදන් මම අර ඇන්දෙ මේකට යකෝ, උඹට තේරෙන්වද ? දැන්"
ඇය වියරු සිනාවක් නැගුවාය.
ඒ වනවිටත් එදා ඇය පාර පැන්නා නොව සැබෑවෙන් සිහිනයට සීරුමාරු වූ බව ඔහු ප්‍රථම වරට තේරුම් ගනිමින් සිටියේය.
Rosa Musandas Pissuwa - රෝස මුසැන්ඩාස් පිස්සුව
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Susantha Moonamalpe - සුසන්ත මූණමල්පේ
- ISBN: 9789552094650
- Availability: Available
-
Rs. 150.00
- KBOOKS Cashback Rewards: 15
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Lokapaluwa - ලෝකපාළුව
රැදී උන් අගුපිලද සෝදා කහදියර ඉස නැවතත් බාර දෙමි පරවන විට අලුත් පැහැයක් දෙන අමුතුම මලක් වෙමි නොසොයන බ..
Rs. 300.00
Icarus Pathanaya Saha Thawath Pathana - ඉකාරස් පතනය සහ තවත් පතන
ග්‍රීක මිත්‍යා කතාවක ඇදවැටෙන ඉකාරස්ගේ වර්ණවත් සෙවනැල්ල කොළඹ බෝඩිම් කාමරයකට වැටෙයි..
Rs. 650.00