රාමා තුළ සිරවුණු නිකොලි, රිචඩ් හා මයිකල් යන තිදෙනා සමඟ ඉදිරියට ඇදෙන පිටසක්වළ යානාවේ කතාව අරුම පුදුම සිදුවීම්වලින් බහුලයි. මේ තමන්ගේ ජීවිතේ අවසානය යැයි බියවන නිකොලි රිචඩ් හා මයිකල් දෙදෙනාම හා එක්ව දරුවන් රැසක් බිහිකරනවා. රාමා යානය තුළ ඉන්නා ජීවරොබෝවන් ඔවුන්ට ජීවත් වීමට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. රාමා යානයේ ගමනාන්තය සිරියුස් තරුව අසල තැනක්. එහිදී රාමාවරුන්ගේ අරමුණ හුදෙක් විශ්වයේ සිටින ජීවීන් නිරීක්ෂණය කිරීම බව දැනගැනීමට ලැබෙනවා. නිකොලිගේ දියණියක් හා මයිකල් එහි ප්‍රජනන යුගලයක් ලෙස නවත්වා ගන්නා රාමාවරු සෙසු අය නැවත් පොළොව වෙත එවන්නේ රාමා තුළ මිනිසුන් දෙදහසකින් යුතු ජනපදයක් බිහි කිරීමටයි. සිදුවීම් රැසකින් පසු රාමාවරුන්ගේ සැලසුම උඩු යටිකුරු වන අතර නිකොලි පොළොවෙන් ආ මිනිසුන්ගේ සිරකාරියක් බවට පත්වී මිය යාමෙන් කතාව අවසන්. (ඇත්තටම ඈ මිය යනවාද?)
Rama Uyana - රාමා උයන
- Publisher: S And T Group
- Categories:
- - Translations - පරිවර්තන
- - Sci-Fi - විද්‍යා ප්‍රබන්ධ
- - Arthur C Clarke - ආතර් සී ක්ලාක්
- - S.M.Banduseela - එස් එම් බන්දුසීල
- ISBN: 9789551080182
- Availability: Available
-
Rs. 1,400.00
- KBOOKS Cashback Rewards: 140