"..ආදරේ අපිව පුංචි ලමයි වගේ කරනව, ලීලා. මම දැක්ක දවසක් චිත්රපටියක වයසක මහත්තයෙක්. එයා විශ්රාම ගත්තු පරිපාලන නිලධාරියෙක්. කෙල්ලෙක්ගෙ දෙපා ලඟ දනින් වැටිල ආදරේ අයදිනව"
ඔහුගේ කමිසය මත වැටුණු සිගරට් අලු කැටියක් ඈ නිය පිටින් ගසා දැම්මා.
තම වචන වලට ඈ දැක්වූ අවධානය ගැන ඔහු සැක කලා. ඔහු සිගරට් එක අලු බඳුන වෙත හිමින් ගෙන යන ගමන් ඇගේ තුනු සැරසිල්ල දිහා හැරුණා.
"ඔයාගෙ කෙස් අද අක්බඹරු ගැහිල! "
"බොරු" ඈ හිස ගැස්සුවා. "ඒ මම ඇඟිලි වටේ ඔත ඔතා හිටපු හින්ද. "
"ඇස් දෙක යටින් මොකද රැල්ලක්? වයසට යනව වත්ද?. "
"මම? පිස්සුද? "
"ඇස් දෙකේ දැල්වෙච්ච ගින්දරත් දැන් අඟුරු බැහැල.! "
"ඈ ඇස් ඉවතට ගත්තාSadaya - සාදය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Ajith Thilakasena - අජිත් තිලකසේන
- ISBN: 9789552007380
- Availability: Out Of Stock
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20