උදම් වෙයි මහ මුහුද වැතිර ඉන්නී වෙරළ
කොට්ටම්බ අතුපතර කණමැදිරි කෙළිමඩල
නොතකාම වට අවට ඝණ අඳුර කැලි කසල
පෙම්වත්තු සැරි සරති පටු අඳුරු මග අසල
හැරී ආ පසු බලමි මා පැමිණි පිය හසර
මැකී යයි අතීතය සුදෝ සුදු පෙණ වැළඳ
කොහේ හෝ නන්නාඳුනන බිමක දුරු කතර
ඔබත් ඇති මා වගෙම සිහින සිතිවිලි අතර
අත්ලිහී අත ඇඟිලි දුරස් වී යන අතර
හඬන්නට ආසන්න මලානික මුවමඩල
මට පෙනේ දෙබෑ කොට හඬ නඟන රළ පතර
මැකී යනු නැත කැරලි ගැසූවත් මහ මුහුද
අයිති කරගෙන නැතිදු සදාකල් ඔවුනොවුන
වැළඳ ඉන්නේ නොවෙද අහස හා මහමුහුද
සිතිජයේ තනි ඇඳක කොටු මදුරු දැල් නැතිව
නිදන උන් වටා මුරකරයි නෙත් දස දහස
ප්‍රදීපාගාරයේ කවුළුවෙන් බිම වැටෙන
පාලමකි දේදුන්න ඔබ හිඳින ලෝකයට
එතෙර හෝ මෙතෙර ගැන කිසි හැඟීමක් නැතිව
රැඳෙන්නට වරම් දෙන්නේ කවුද මගියෙකුට
ඔබ ඈත ආකහේ චන්ද්‍ර බිම්බය වෙන්න
හෙමන් හොර රහසේම ඉහ උඩින් පායන්න
දැල්වේවි අප වටා තාරකා සෑහෙන්න
එතකොටම හැමෝටම මතක් වෙයි රෑ වෙන්න
අඳුර නම් අඳුරමය කියා එදවස කීවද
එය එසේ නොවන වග දැනෙයි රැය අභියසට
මට මගේ අඳුර අඳුරක් නොවන බව කියන
ඔබ ඉන්න දැල්වෙමින් අහසේම තරු අතර
Sandhya Theerthaya - සන්ධ්‍යා තීර්ථය
- Publisher: Santhawa Publishers - සන්තව ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Rathna Sri Wijesingha - රත්න ශ්‍රි විජේසිංහ
- ISBN: 9789553027986
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Suba Udasana - සුබ උදෑසන
විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය 1988 - රාජ්‍ය සාහිත්‍ය සම්මානයඅපි අපේ පැටවුන්ට කියා දෙමු පියාඹන්ට ස්වාධී..
Rs. 400.00
Wassane - වස්සානේ
වස්සානය ඔය දෑල දොඩමලුය සුවඳ බැරුවා ඉන්ට නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම්ද කෙකටියා පඳුර සුදු මල..
Rs. 150.00
Netha Nilupul - නෙත නිලුපුල්
තනමල්විල මල් ගෝමර පොකුරු පිපෙන්නහඳපානා ගල මුදුණින් වැවට බසින්නකන්ද උඩින් ගෝමරියේ වැවට බසින්නවැ..
Rs. 250.00
Sudu Neluma - සුදු නෙළුම
මට ගමට එන්න ගමට එන්න (මට ගමට එන්න)කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න)පොඩි මල්ලි අතේ අනේ ..
Rs. 425.00
Tharu Lakuna - තරු ලකුණ
සමනොල ගල වනන්තරේ මල් යහන සකි සඳ නුඹ ඒ යහනට සඳ පහන සිඹ සනහා එහි නිදනා කිරි සිහින කිරි මවුදෝ නුඹ සු..
Rs. 250.00
Biya Nowan Ayyandi - බිය නොවන් අයියන්ඩි
ඔහුගෙ නම රස්කෝල්නිකොවු වන්නට පුළුවන්යඈ ඔහුගෙ පෙම්වතිය වූ නමුත්සෝනියා නොවුණාය.යා නොහැකි බව කියා ඇඹරෙම..
Rs. 150.00
Sandagira Pamula - සඳගිර පාමුල
සදත් ඇතුන් පසුපස හා ඇතිනි...........මෙන ඇවිත් ඇහැ ලඟට රෑ හීනෙන් .......පෙනෙන නොදත් නමුදු මා සිත විතර..
Rs. 200.00
Mal Ahura - මල් අහුර
දළදා වහන්සේ දැක වැඳ පුදා ගන්නට එදා පෝලිම් දෙකක් වූ බවත්, ඒවා ඇතැම් විට තරමක් දිගු වූ බවත්, ඇතැමුන්..
Rs. 400.00
Mini Badi Dora - මිණි බැඳි දොර
"කවියාගේ මෑත කාලීන ගේය පද එකතු ඒ පිලිබද හදාරන සහ රසාස්වාදයක් ලබන සියලු රසික ප්‍රජාවට මනා වූ අගනා කෘත..
Rs. 275.00
Aalakamandawa - ආලකමන්දාව
පුහුණු කල රසිකත්වය උදෙසා රත්න ශ්‍රී විජේසිංහ ලියු,අමරදේවයන් පටන් රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ,එච්.එම් ...
Rs. 300.00
Suwanda Muwarada - සුවඳ මුවරද
සසර ගොරතර අරණ ක්ලේශ ගිනි අවුළුවන ඇද හැලෙන මුරගසං වර්ෂා පුපුරු ගසනා කාම තණ්හා රෂෝමාන දොරටුවෙහි පැරණි ..
Rs. 250.00