• Wasanthaya Enawa Saththai - වසන්තය එනවා සත්තයි

දම්පාට මල් පදුර උඩින් ලොකු කහපාට සමනළයෙක් පියෑඹුවා.මං හිතුව කවද හරි නළුවෙක් වෙනව කියල.අපේ අක්කා ඒ කාලෙ හිතුවලු නිළියෙක් වෙන්න.එයා ගමේ කොල්ලෙකුට හැමදා ම ඉස්කෝලෙ යද්දි පිච්ච මල් ගිහිල්ල දීල.කොල්ලෝ එයාට පිච්චමල් කුමාරි කියල.

මං නලුවෙක් වෙන හැටි ගෙදර කට්ටිය බලා හිටිය.මං කොළඹ ඇවිත් නිළියක් කරකාර බැදගෙන ගමේ ආව.

 

Dimantha Polwatte 12/03/2023

වසන්තය එනවා සත්තයි : උපුල් ශාන්ත සන්නස්ගල - ශ්‍රී ලාංකිකයාගේ ෆැන්ටසියේ (අරුමැසියේ) පිළිබිඹුවක් / Wasanthaya Enawa Saththayi : Upul Shantha Sannasgala - A reflection of every Sri Lankans Love fantasy

"The First Teacher" (1962) සිංහලට පරිවර්තනය වන්නේ "පළමුවන ගුරුවරයා හෙවත් ගුරු ගීතය" (1966) ලෙසයි. මෙය චින්ගීස් අයිතමතව්ගේ රුසියන් කෙටි නවකතාවක් වන අතර සිංහලට පරිවර්තනය කරනු ලබන්නේ ප්‍රකට පරිවර්තක දැදිගම වී. රුද්‍රිගෝ අතිනි.

මෙම ලේඛණයේ ඉතාමත් ප්‍රකට වාක්‍යය කණ්ඩයක් ඇත. එය මෙලෙස උපුටා දක්වමි.

" ඔව් ශීත කාලය පැමිණේවි.....තද සීත කුණාටු හමාවී.....හිම කැට සහිත මහා නපුරු සුළි සුළං හමාවී......එහෙත් වසන්තය එනවා සත්තමයි."

මෙම වාක්‍යය කාණ්ඩය අවසානයේන් තම නවකතාවට අවශ්‍යය නාමය සොයාගන්නා උපුල් ශාන්ත සන්නස්ගල 2004 වර්ෂයේදී තම ප්‍රථම මුද්‍රණයෙන් ද හා 2018 දී තෙවැනි මුද්‍රණයෙන් ද ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකික මිනිසාගේ බොලඳ ෆැන්ටසියක (අරුමසියක) පිළිබිඹුවක් නිරුපණයට යම්තාක් දුරකට සමත් වී ඇති බවට පැවසිය හැක.

"පළමුවන ගුරුවරයා හෙවත් ගුරුගීතය" (1966) සිංහල පරිවර්තනය රුසියාවේ පැවති සමාජවාදී යතාර්ථවාදයේ (Socialist realism) පිළිබිඹුවක් වන්නේ යම් සේ ද, උපුල් ශාන්ත සන්නස්ගලගේ "වසන්තය එනවා සත්තයි" (2004) ශ්‍රී ලාංකිකයාගේ බොලඳ ෆැන්ටසිය (අරුමසිය) තරමක් දුරට නව නිදහස් භාෂා ශෛලියකින් හා ආදරය පිරවූ සිහිනමය ආකෘතියකින් පෙන්වා දීමට සමත් වන්නේය.

මෙය විටෙක ප්‍රති කලාත්මක (Anti Art) සාහිත්‍යමය ප්‍රහාරයක්ද යැයි සිතෙන්නේ පහත අභව්‍ය හා විහිලු කාරී කියවීම කරන විටය.

" ඔව්. රෑ වෙයි. ඊට පස්සේ එකිනෙක තරු පායයි. දැනටමත් බ්‍රහස්පති තාරකාව පායලා ඇති. අපරාදේ අපිට බලන්නයි තිබුනේ. ඒ ලඟම හඳ ඇති. හඳ ළඟ ඉන්න තාරකාව හඳ ලඟින් ඇත් වෙන්නේ නෑ. හඳට දුක හිතෙයි කියලා. ඊට පස්සේ-ඔන්න ඉතිං ඊට පස්සේ තව තරු පයයි. හොඳටම පරක්කු වුනත් - කවදාවත් ඉර පායන්නේ නැති වුනත් මං ඔයා ළඟ ඉන්නවා. සත්තකයි අංජනා. වසන්තය එනවා සත්තයි."

පිටු 90 - 91

"ජනක සහ මංජු" (1978) වැනි සිංහල සිනමා කෘතියක වැනි ආදර කතාවක් ඇතුළත් වන මෙම සාහිත්‍යය කෘතිය ශ්‍රී ලාංකිකයාගේ සිහින ෆැන්ටසියේ (අරුමැසියේ) සරල හා බොලඳ පිළිබිඹුවක් ලෙස හැඳින්විය හැක.

Upul Shantha Sannasgala's "Wasanthaya Enawa Saththayi" is a love story that reflects the collective Sri Lankan fantasy.

With an independent and free writing style, this book reminds of the love story films of the 1970s and 1980s.

A childish love story with undertones of anti-art novelization tactics (Surrealism) is an okay book to any reader to enjoy and have a nostalgic time thinking of old Sri Lankan love films.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Wasanthaya Enawa Saththai - වසන්තය එනවා සත්තයි

  • Rs. 450.00

  • KBOOKS Cashback Rewards: 45

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Pirimi Godai Man Witharai - පිරිමි ගොඩයි මං විතරයි

Pirimi Godai Man Witharai - පිරිමි ගොඩයි මං විතරයි

"හලාවත මාළු කරූ ටෙලි නාට්‍යයක් කළා, සංඝමිත්තාවගේ ලංකාගමනය ගැන. මං ඒකෙ අග්‍ර උපාසිකාවගේ චරිතයට රඟපෑවා..

Rs. 650.00

Lalanayanaya - ලලනායනය

Lalanayanaya - ලලනායනය

1415 හයවැනි පරාක්‍රමබාහු ලංකාවේ රජවෙනවා. එයාගෙ දුවෙක් තමා ලෝකනාථා. පරාක්‍රමබාහුට ළමයි නැති නිසා එය..

Rs. 900.00

Kolapata As - කොළපාට ඇස්‌

Kolapata As - කොළපාට ඇස්‌

මෙය විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවය..

Rs. 1,600.00

Amma - අම්මා

Amma - අම්මා

මේ නව ප්‍රබන්ධයෙන් විසිවෙනි සියවසේ අවසන් කාර්තුවේ නගරයට සංක්‍රමණය වූ නිර්ප්‍රභූ පංතියක ඉතිහාසය කිය..

Rs. 1,600.00

Ape Adara Kathawa - අපේ ආදර කතාව

Ape Adara Kathawa - අපේ ආදර කතාව

පාරිශුද්ධ චමත්කාරයට මෛත්‍රී කරගෙන හඳ එළිය වැඩම කරනවා මගේ කාමරයට. මට ඔයාව මතක් වෙනවා. මට පුළුවන් නම් ..

Rs. 550.00

Sarasavi Diyaniyo - සරසවි දියණියෝ

Sarasavi Diyaniyo - සරසවි දියණියෝ

ලොව පහළ වූ විශිෂ්ටතම කලා නිර්මාණ සියල්ලක්ම පාහේ ප්‍රේමය ප්‍රභව කොටගෙන හෝ ආත්ම කොටගෙන හෝ බිහිවූ නිර්ම..

Rs. 400.00

Wassana Sihinaya - වස්සාන සිහිනය

Wassana Sihinaya - වස්සාන සිහිනය

ප්‍රේමයේ නිදහස හෙවත් ස්වයන්වරයට එරෙහිව පවතින ආර්ථික කොන්දේසි ප්‍රශ්න කිරීමක් මෙන්ම&nb..

Rs. 1,200.00

Adare Tharam Ma Yasodara - ආදරේ තරම් ම යසෝදරා

Adare Tharam Ma Yasodara - ආදරේ තරම් ම යසෝදරා

ඔයා සිනිඳුයි ; හරිම මෘදුයි; පුදුම තරම් උනුසුම්. තැළිලා පොඩිවෙලා, මිරිකිලා, ඔයා මගේ ළඟ ඉන්නකොට මට ..

Rs. 800.00

Nethra - නේත්‍රා

Nethra - නේත්‍රා

මගේ මුළු සර්වාංගය ම දැවෙන්නටත්, තැවෙන්නටත්, පිච්චෙන්නටත් විය.මම තව තවත් විනාශයට ඇදෙමින් සිටියෙමි.ජ..

Rs. 900.00

Nirwana- නිර්වාණ

Nirwana- නිර්වාණ

ගොළු මුහුද ලඟ හෝ ගා සුසුම් ය. සාරදා ය. මලීනා ය. නතාලියා ය. රතුපාට නියඟලා මල් ය. පා පැටලෙන රමණී ය. ඇ..

Rs. 1,000.00

Thumbasaka Vilapaya - තුඹසක විලාපය

Thumbasaka Vilapaya - තුඹසක විලාපය

" කොරකගහහෙනේ තැන තැන ඇවිදිමින් කෑමක් බිමක් ඉල්ලන තත්ත්වයට තිලකාවතී පත් වුයේ ඉන් පසුවය . වාඩියෙන් ව..

Rs. 700.00

Gemba - ගෙම්බා

Gemba - ගෙම්බා

පුසාට බය නැතිව ළිං කටින් ගොඩ එන්න...

Rs. 250.00

No Stopping or Turning Back

No Stopping or Turning Back

මං එක්ක මහ මුහුදේ පීනාගෙන ගිහින් කිමිදිලා ගල් වෙන්න ඔයා බයයි නම් පුළුවන් තරම් මුහුදෙන් ඈතට වෙන්න.N..

Rs. 3,750.00