සීගිරිය අන්තර්ජාතික කීර්තියට පත් වූ ඓතිහාසික සිද්ධස්ථාන අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා බව නිසැක ය. එසේම එය ආසියාවේ ප්‍රමුඛතම පුරාවිද්‍යා ස්ථානයක් ද වන්නේ ය. ක්‍රි:ව: 5 වන සියවසට අයත් නගර නිර්මාණ සැලසුම් වාස්තු විද්‍යාව, උද්‍යාන විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, ජල තාක්ෂණය, කලාව සහ සාහිත්‍ය පිළිබඳ මධ්‍යස්ථානයකි.
සීගිරි ගී වලින් එවකට මෙරට විසු ජනයාගේ ජන විඥානය, සංස්කෘතික ජීවිතය, සමාජ ජීවිතය, සිරිත් විරිත්, ආකල්ප, රසඥතාව, වටහා ගත හැකි සේම සීගිරිය එම සියවසේ සන්නිවේදන මධ්‍යස්ථානයක් වශයෙන් භාවිත වී ඇති බව ද වටහා ගත හැකිය.
ලෝකයේ අටවන පුදුමය ලෙස ද යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ද හඳුන්වා දුන් සීගිරිය මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි පුරාවිද්‍යාත්මක, පාරිසරික, සංචාරක, සෞන්දර්යාත්මක, සාහිත්‍යාත්මක, සන්නිවේදනාත්මක, මෙන්ම ඓතිහාසිකව එකලෙස වටිනාකමකින් යුතු ස්ථානයකි.
එවන් ස්ථානයක් පිළිබඳ විවිධ මානයන්ගෙන් සිදුවන පර්යේෂණ මගින් අපේ මානව වංශකතාව නව මාවත් හෙළි පෙහෙළි කරගත හැකිය. සීගිරිය පිළිබඳ සිදුකර ඇති විවිධ අධ්‍යයනයන් අතරට එක්වන නවතම අධ්‍යයනය වනුයේ 1815න් පසු සීගිරිය නම් වන මෙම කෘතිය යි. මෙම කෘතියෙහි විවිධ ඓතිහාසික මුලාශ්‍ර, පූර්ව කෘති, සාහිත්‍යය කෘති, ජනශ්‍රැති සහ පුරාවිද්‍යාත්මක සටහන්, දිසාපතිවරුන්ගේ දින සටහන් හා විවිධ ආශ්‍රයන් පදනම් කරගනිමින් 1815න් පසු සීගිරිය සම්බන්ධයෙන් සිදුකළ ගවේශණයන් පිළිබඳ විස්තරාත්මක විවරණයක් සිදු කොට තිබේ.
1815n Pasu Seegiriya - 1815න් පසු සීගිරිය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Jayantha Wijerathna - ජයන්ත විජේරත්න
- - History - ඓතිහාසික
- - Jayantha Wijerathna - ජයන්ත විජේරත්න
- ISBN: 9789553125019
- Availability: 2-3 Days
-
Rs. 900.00
- KBOOKS Cashback Rewards: 90
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sambudu Siritha Ha Bauddha Kala Shilpa - සම්බුදු සිරිත හා බෞද්ධ කලා ශිල්ප
සම්බුදු සිරිත හා බෞද්ධ කලා ශිල්ප තරුණ වියපත් පාඨක සැමට ප්‍රයෝජනවත් වන ග්‍රන්ථයකි...
Rs. 2,500.00
Sukshamawa Wanasana Sinhalaya - සූක්ෂමව වනසන සිංහල
ඉංග්‍රීසි ආක්‍රමණිකයා විසින් අපට ලියා දී ගිය වැරදි ඉතිහාස කඩතුරාවෙන් මෙතෙක් ආවරණය කොට තිබුණු හෙළ ද්ව..
Rs. 975.00