යොවුන් ලේඛකයකු සුපුරුදු රාමුවෙන් පිට පැන රහස් පරීක්ෂක කතාවක් ලිවීම විරල
සිදුවීමකි. එහෙත් ෂර්ලොක් හෝම්ස් වැනි චරිත කියැවීමෙන් පන්නරයක් ලද
ගිම්හාන්, සිංහල රහස් පරීක්ෂක කතා කලාවට ජීවයක් එක්කරයි.
-----------
”සර්, ලක්ෂ්මන් office එකට එන්නම් කිව්වනේ? ඇයි ඉතින් අපි එයාගේ ගෙදරට
ආපහු යන්නේ?” යතුරු පැදිය පදවමින් සිටි මනුජ හිස මඳක් හරවා පසුපස ගමන්ගත්
මාර්ෂල්ගෙන් ඇසීය.
”ඝාතකයාව අල්ල ගන්න පොඩි උගුලක් අටවන්නයි යන්නේ” මාර්ෂල් උස් හඬින් කීවේ යතුරු පැදියේ හඬ පරයමිනි.
”එතකොට සර් කවුද උපුල් නිශාන්ත කියන්නේ? එයාද මේ ඝාතන පිටිපස්සේ ඉන්නේ” මනුජ ඇසුවේය.
”නැහැ, නැහැ. නමුත් මතුපිටින් කිසිම සම්බන්ධයක් නොපෙනුණාට එයත් මේ
සිද්ධියේ ප්‍රධාන චරිතයක්” මාර්ෂල් කීවේය. ”මම හැමදෙයක්ම පැහැදිලි කරලා
කියන්නම්. දැන් තියෙන්නේ මේ පරීක්ෂණයේ වැදගත්ම කොටස. අපි ඝාතකයාව ඇමක් දාලා
අල්ලගන්නයි යන්නේ. මම ලක්ෂ්මන්ට කිව්වා දැන් අපි එන නිසා පිටත්වෙන්න එපා
කියලා. එය අපි එනකම් බලාගෙන ඇති.”
යතුරු පැදිය ධාවනය වූයේ ඉදිරිපස
ලාම්පුවේ එළියෙනි. වේලාව රාතී‍්‍ර අටට පමණ විය. ලක්ෂ්මන් පැල්පිටගේ නිවසේ
ගේට්ටුව විවෘතව තිබිණි. සිතූ පරිදිම ලක්ෂ්මන්, මාර්ෂල් සහ මනුජ පැමිණෙන
තුරු ඔහු නිවස ඉදිරිපිට රැුඳී සිටියේය. මනුජ නිවසේ ගරාජය යටට වන්නට යතුරු
පැදිය නැවැත්වීය.
”පරීක්ෂකතුමා, ඇයි මට නවතින්න කීවේ?” ලක්ෂ්මන් ඇසුවේ ඔවුන් දෙසට ඇවිද එමිනි.
”දැන් විස්තර කරන්න වේලාවක් නැහැ.” මාර්ෂල් හිස් වැස්ම ගැළවූයේය. ”ඔබතුමා
වාහනයට නගින්න. අපි පිටිපස්සට නඟින්නම්. ඊට පස්සේ පාර පැත්තට යමු.”
ලක්ෂ්මන් තවත් යමක් අහන්නට සූදානම් වූ නමුදු මාර්ෂල් ඊට පිළිතුරු දෙන්නට
රැුඳී සිටියේ නැත. ලක්ෂ්මන්ගේ මෝටර් රථය වෙතට ගිය ඔහු පිටුපස දොර හැර එයට
නැඟුණේය. මනුජද සිය ප්‍රධානියා අනුගමනය කරමින් අනෙක් පස දොර හැර පිටුපසට
නැඟුණේය. කළ හැකි අනෙකක් නොවූ බැවින් ලක්ෂ්මන්ද කිසිත් නොකියා රියදුරු
අසුනට නැඟුණේය.
3weniya - 3වෙනියා - Thunweniya
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Gimhan Sooriyabandara - ගිම්හාන් සූරියබණ්ඩාර
- ISBN: 9789553102553
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Rajaliya - රාජාලියා
ප්‍රවීණ රහස් පරීක්ෂක කතා රචකවරුන් වන ආතර් කොනන් ඩොයිලි සහ අගතා කි්රස්ටිගේ කෘතිවලින් සහ හිට්ච්කොක්..
Rs. 375.00
Sagala Warahan - සගල වරහන්
"ධනුකගේ වයිෆ් එයාට වඩා වැඩිමල් ..""බලපු ගමන් පේනවා ලොකු එජ් ගැප් එකක් තියෙනවා .." ”එහෙම්මම නෑ... අ..
Rs. 550.00
Moscow Peraliya - මොස්කව් පෙරළිය
රුසියාවේ කොමියුනිට්ස් පාලනය බිද වැටීමෙන් පසු 2000 ජනවාරි මස 16 වන දින පැවැත්වීමට නියමිතව තිබු ජනාධිප..
Rs. 890.00
Naviyage Birinda - නැවියාගේ බිරිඳ
Shahidullah Kayiser ගේ The Sailor's Wife නම් කෘතියේ සිංහල පරිවර්තනයයි...
Rs. 350.00
Polkichi Premaya - පොල්කිචි ප්‍රේමය
‘මම ලෙඩෙක් කියල මාව අප්පිරියා කරන්න එපා ප්ලීස්... මෙතැනින් නිදාගන්න... ඔයාට අවුලක් නම් ටිකක් ඈතින් ව..
Rs. 525.00
Nadunana Subapathuma - නාදුනන සුබපැතුම
ගිම්හාන් සූරියබණ්ඩාර විසින් රචිත අලුත්ම රහස් පරීක්ෂණ නවකතාව. ..
Rs. 375.00
Eth Mama Piyabami - ඒත් මම පියාඹමි
නව කතාවක්, කවි, කෙටිකතා ඇතුළත් නිර්මාණ සංග්‍රහය පූසෙකු දුටු සඳ ලෙහෙනෙකුගේ බියපත් විලාශය...තරුණය..
Rs. 500.00
Pani Lunu Dehi - පැණි ලුණු දෙහි
මේ කියන දවසේ මං ඉස්කෝලේ ගියේ නෑ. ඔය අට අනූවක් රෝග වලින් එකක් හැදිලා කියලා අම්මව රවට්ට ගන්න ඇති.අම්මා..
Rs. 1,075.00
Ralu Muhuda - රළු මුහුද
''මන්ත්‍රීතුමා, මේ චාල්ස් විජේවර්ධන කියන්නේ හොඳට ඇඟ පත තිබුණට අතින් පයින් නෙමෙයි, ඔලුවෙන් ගේම් දීපු ..
Rs. 2,150.00