පියෙක් නොදැන, අවිවාහක මවකට දාව ඉපදුණු
දැරියක ලෝකය තුළ ඈ මුහුණ දෙන සියලූ අඬු ලූහුඬුකම් හා නින්දා අපහාසවලින්
පලා යනවා වෙනුවට ජීවිතයේ සුන්දරත්වය දකින්නට හා අපූර්වත්වය විඳින්නට දරන
උත්සාහයක් ‘රෝසමාලී’ නවකතාව තුළින් විවරණය වේ. ඇගේ දහහත් වන වියේ ඇය සිය
ළමාවිය හා යොවුන්විය ගැන පවසන මේ කතාව අව්‍යාජ ය; අපූර්ව ය. ඇයට ජීවිතයේ
හමුවන චරිත හා ඔවුන් මුහුණ දෙන සමාජ යථාර්ථය කිසි විටෙකත් අමතක කළ නොහැකිය.
යොවුන් ආලය, භීෂණය, මායාව හා යථාර්ථය, තවමත් අවසාන නැති පාසල් විය
ගැන ජීවිතය විනිවිදිමින් ඈ නිරාවරණය කරන්නේ අපේම ලෝකයයි. දුක හා පීඩාව
මැදින් උපේක්ෂා සහගතව ජීවිතය රස බැලීමට උත්සාහ දරන අපේම ජීවිත කතාවයි.
මෙය, 2010 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත අවසන් පොත් 12න් එකකි.
---------------------
”තරුණ වයස කියන්නෙ කරදර කාලයක්... කවුරුවත් තනියම ඉන්න ඉඩ අරින්නෙ නැහැ.
තනියම ජීවත් වෙනව නම් හුඟාක් ලොකු ධෛර්යකුයි, තද හිතකුයි තියෙන්න ඕනැ.”
සිසිලියා නැන්දා අපට කිරි කෝප්ප දෙකක් සාදා දී සියල්ල අමතක කර නිදා ගන්න
යැයි පවසමින් අප ව කාමරයට යැව්වා ය. අම්මාත් මමත් සිටියේ නිදාගන්නට තරම්
හොඳ සිහියක නොවේ.
”මම ලංකාවට එද්දි හිතුවේ රස්සාවක් කරල දුවත් එක්ක ගෙයක් හදාගෙන ජීවත් වෙනව කියල නැන්දෙ.”
”ඒත් ඔයා හිතුවෙ නැහැ ඔයා මොන දේ කළත් ඔයාට ජීවත් වෙන්න සිද්ද වෙන්නෙ මේ රටේ මිනිස්සුත් එක්ක කියල.” සිසිලියා නැන්දා කීවා ය.
”ඒත් මම හිටපු රටේ කසාද නොබැඳ දරුවෙක් එක්ක හිටියයි කියල පිරිමියෙක් නැතුව ගෙදරක ජීවත් වුණයි කියල කවුරුත් ගල් ගහන්නෙ නැහැ නැන්දෙ.”
”මේක ඔයා දන්න නීතියක් කියල දෙයක් තියෙන වෙනත් රටක් නෙමෙයි.”
එදා සිසිලියා නැන්දාත් අම්මාත් කතා කළ දේ මට හරිහැටි වැටහුණේ නැත. හවස් වන
විට අපි මුහුණ කට සෝදා කෑම කා සන්සුන් වූ පසු සිසිලියා නැන්දා ඇගේ විසඳුම
ඉදිරිපත් කළා ය.
”ඔයාල දෙන්න කොහේවත් යන්න ඕනැ නැහැ. ආයෙත් කුලියට ඉන්න ගෙවල් හොයන්න ඕනැත් නැහැ. අපේ ගෙදර හැමදාමත් ඉන්න.”
”මම හිතන්නෙ නැහැ අලූතින් තැනක මම රස්සාවක් හොයා ගත්ත වුණත් වැඩකරන තැන
පිරිමි මට මගේ පාඩුවෙ ඉන්න ඉඩ දෙයි කියල. තවත් ටික දවසකින් තව කවුරු හරි
මගේ පස්සෙන් එයි. කසාද නොබැඳ මට යහතින් ඉන්න ලැබෙන්නෙ නැහැ. මේ ගෙදරටත්
පිරිමි යන්න එන්න ගත්තහම නැන්දටත් සිද්ද වෙයි මාව ගෙදරින් එළව ගන්න. ඊට වඩා
හොඳයි මම දුව ව නැන්දාට බාර දීලා ආයෙත් රට යන එක. මම ඔයාලට මුදලක් හැම
මාසෙක ම එවන්නම් රෝසමාලී ගේ වියදමට.”
”අපිට සල්ලි එවන්න එපා... මමත්
මහත්තයත් ජීවත්වන තුරු රෝසමාලී අපි ළඟ ඉඳිවි... අපි මැරෙන වයසට ආවහම
රෝසමාලී රස්සාවක් කරගෙන එයාව බලාගන්න වයසට ඇවිත් තියෙයි. ඔයා කරදරයක් නැතුව
ඉන්න බලන්න...”
මගේ අනාගතය තීරණය වුණේ ඒ ආකාරයෙනි.
Rosamalee - රෝසමාලි
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Shamel Jayakody - ශමෙල් ජයකොඩි
- - Award Winning and Nominated Books - සම්මානිත සහ නිර්දේශිත පොත්
- - Swarna Pusthaka Award Nominated Books 2012 - 2012 සවර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789556710151
- Availability: Out Of Stock
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Pransha Pemwatha - ප්‍රංශ පෙම්වතා
ශිෂ්‍ය වීසා රැුගෙන පැරීසියට ඇතුල් වෙන මාලක එනුවර සැරිසරන සංක්‍රමණිකයෙකු බවට හැරෙන්නේ බටහිර සංස්කෘ..
Rs. 750.00
America - ඇමෙරිකා
නිලංකා කොළඹ ජීවත්වනු, පුද්ගලික සමාගමක සේවය කරණ ලස්සන තරුණියක්....... ප්‍රදීප් අනුරාධපුරයේ ගොවි ..
Rs. 475.00
Anantha Deshaya - අනන්ත දේශය
නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරකට ලක්ව මිය ගිය පුද්ගලයකුගේ දියණියක මුහුණ දෙන අත්දැකීම් වටා ගෙතුණු ..
Rs. 500.00
Gahanu Lamayage Maranaya - ගැහැණු ළමයාගේ මරණය
මංගලා ඇගේ ගර්භනී කාලය තුල මුහුණ දෙන්නට සිදුවන පුද්ගල හා සමාජ ඝට්ටන තුළ මුහුකුරා යන ඇය, තමා ඉදිරියේ..
Rs. 600.00
Niruwath Hadawath - නිරුවත් හදවත්
"ගැනියෙක්ට පුලුවන් තමන්ගේ හැබෑ ආදරය කොතැන ද තියෙන්නෙ කියලා නොදැන ජීවිත කාලයක් ඉදලා මැරිලා යන්න . ..
Rs. 450.00
Wav Pathule Kinduriya - වැව් පතුලේ කිඳුරිය
මම කැමති ලස්සන ගැණු ළමයින්ට.එත් ඊට වැඩියෙන් කැමති පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ ඉන්න ගැණු ළමයින්ට." වින..
Rs. 550.00
Venusge Upatha - වීනස්ගේ උපත
යොවුන් වියේ හට ගන්නා කෙළිලොල් භාවමය බැඳීමක් අයාලේ ගිය පෙම් පුවතක් වන්නට නොදී රැුක ගත් යෞවනියක්....ප..
Rs. 450.00
Yali Upan Gahaniya - යළි උපන් ගැහැණිය
" ජීවිතයේ මුලික අරමුණු බිදී විසිරි ගොස්, බලාපොරොත්තු සුන් වූ මොහොතක විශාකා ප්‍රේමය ගවේෂණය කරමින් අනන..
Rs. 390.00
Paradisayaka Daruwoo - පාරාදීසයක දරුවෝ
" පරම්පරා කිහිපයක අන්තර් මානව සම්බන්ධතා කතුවරිය ඉතා රසවත් අයුරින් නවකතාවට නඟයි."..
Rs. 1,200.00
Kumara Kobeyi - කුමර කොබෙයි
"අපි අපේ වටිනාකම් දන්නවා නම් අපිට හේතුවක් නැහැ කාත් එක්ක වත් තරහා ගන්න....කාටවත් කෑ ගහන්න. හරියට අ..
Rs. 680.00
Mage Chikago Hadawatha - මගේ චිකාගෝ හදවත
කෘතිම දරු පිළිසිඳ ගැනීමක් ප්‍රාර්ථනාවෙන් ප්‍රතිකාර පතා ඇමරිකාවේ චිකාගෝ නගරය වෙත සංක්‍රමණය වූ ලාංකික ..
Rs. 1,250.00
Bohemian Deriyo - බොහීමියන් දැරියෝ
නිවෙස්වලට නොකියා ගිය ගමන මනුෂ්‍යත්වය වෙනුවෙන් තබන යෝධ පිම්මක ආරම්භයක් සේ පෙනුණු මුත් සිරගෙයි එළිමහන්..
Rs. 950.00