''ගෑණු ළමයෙක්ට තියෙන ලස්සනම දේ එයාගේ චරිතේ"
"රෙද්ද තමයි. චරිතේ කන්නද? අපි විඳින දුක අපි විතරයි දන්නේ. ඔයා මෙතන
මඟුලක් කතාකරනවා. මෙතන දෙනවනේ ආණ්ඩුවෙන් ලක්ෂයක් දෙකක් වසරේ චරිතවත්
කාන්තාවට කියලා. අනේ මේ නිකං ඉන්න මගෙන් කුණුහරැප අහගන්නේ නැතුව සපුමල්
අයියේ. අනික මං වල්කමේ යනවා කියලද හිතන්නේ?"
සපුමල් අදහාගන්න බැරුව වගේ බලාගෙන උන්නා. මොනවා කියන්නද කියලා කොල්ලට තේරෙන්නේ නෑ. මේ ඊයේ පෙරේදා ජංගි කොටේ ඇඳගෙන
උන්න කෙල්ල මෙහෙම දේවල් කියයි කියලා සපුමල් කවදාවත් හිතුවේ නෑ. ගොයම්
කෑල්ලෙදී කෙල්ලව මුළින්ම ඉම්ඹෙත් තමන් කියලයි සපුමල් හිතාගෙන ඉන්නේ. ඒත් ඊට
කළින් ආවාසේදී පොඩි හාමුදුරැවෝ කෙල්ලව ඉම්බා කියලා ඔහු දන්නේ නෑ.
"මොනවද සු..ද්..දි මේ කියන්නේ?"
"කියන්නේ ඇත්ත...ඇත්ත හරි තිත්තයි සපුමල් අයියේ...වාටියේ ජීවත්වෙන අපිට
කොහොමත් එකයි. මෙතන මේ කන්කුන් දඩුයි බතුයි කකා ජීවත්වෙන්නේ. මෙයා මෙතන මේ
චරිතයක් ගැන කියවන්න එනවා"
අමන්දා කිව්වේ දිග සුසුමක් හෙළලයි.
"මං කි..ව්..ව..නේ අපි බඳිමු කියලා දහ අට පිරුණාම"
“හරි ආස ඇති දහඅටෙන් මාව බැඳගෙන එහෙමම බඩත්කරලා පෙරාදෙණිය හොස්පිට්ල් එකේ
ක්ලිනික් පෝළිමේ තියන්ඩ නේද? අනිත් කෙල්ලෝ මෙතන හරි සැපෙන් ජොලියේ ඉන්නකොට
මම ආණ්ඩුවෙන් දෙන ත්‍රිපොෂ පැකට් එක කාලා ඉන්න. කොහොමත් මම දුක් විඳින්න
කැමති නෑ. කැමතිම නෑ, සැපක් කියලා දෙයකුත් මේ ලෝකේ ඇතිනේ. අපි මෙතන වාටියේ
ඉඳගෙන හැමදාම උලාකන්න ඕනද?"
ඇය මේ කියන්නේ මොකක් ගැනද කියලා සපුමල්ට හිතාගන්න බෑ.
"අපි ති..යෙ..න හැටියකට සතුටින් ජිවත්වෙමු…ඉරහඳ අල්ලන්න ඕන නෑනේ සුද්දි”
“ඉරහඳ අල්ලන්න නෙමේ කියලා බැඳගෙන හඳපානේ පැදුරක දාලා නිදිකරවාගත්තාම ඇති
නේද? ගෑණිව සාගතේ තියලා රෑට රෑට මරාගෙන කන්න හිතන පිරිමින්ට හෙණ හතම ගහන්න
ඕන. මේ සපුමල් අයියේ. මාව තවත් අවුස්සගන්න එපා. මම බඳින්නෙත් නෑ කවුරැවත්
කියන පදේට නටන්නෙත් නෑ.මගේ ජීවිතේ තිරණ මමම ගන්නම්. මේ බොහෝම කරැණාවෙන්
කියන්නේ. අපේ දුප්පත්කම තැටියක් කියලා හිතන්න එපා. ඕන ඕන වෙලාවට ඇවිත්
රොටිය පුච්චගන්න. මෙන්න වැන්ඳා. දැන් යන්ඩ. මං ගැන මම බලාගන්නම්”
අමන්දා ඒ ටික එහෙමම කියලා දැම්මා. සපුමල් ඇස් අයාගෙන බලාගෙන උන්නා.
මේ වචන අමන්දා සරණි සිරිවර්ධනගේයි.
--------------------------
“මට දැන් හරි මහන්සියි නිම්මා”
අමා කිව්වේ වොඩ්කා වීදුරැවට අයිස් කැටයක් දමාගනිමින්.
“පේනවා කෙල්ලේ. කලාවේ අවුරැදු විස්සක් තිහක් ඉන්න නිළියෙක්ට කොච්චර මහන්සි ඇත්ද? නේද අමා”
“උඹ මට හින්ට් එකක් නේද ගැහුවේ”
“උඹ ගැන මට හරි දුකයි වෙලාවකට. උඹට කවදාවත් මම නින්දාවක් කරලා නෑනේ”
“උඹ කියන්නේ ඇත්ත. ඒ ඇත්ත මට මං ගැනම අප්පිරියාවක් ඇතිකරනවා නිමා.
නිළියෙක් මුල් කාලේ හිතන්නේ මාන්සි නොවී හාන්සිවෙලා සල්ලි හම්බකරන්න. ඒත්
හාන්සිවෙන එක කොච්චර මාන්සියක්ද කියලා නිළියෙක් විතරයි දන්නේ. මොන මජර
ජීවිතයක්ද ඒ. ෂිහ්”
“උඹට මේ ජීවිතේ වෙනස්කරගන්න පුළුවන් අමා”
“ඒත් මගේ අතීතය මගේ පස්සෙන් පන්නනවා නිමා. වෙලාවකට හිතෙනවා මේ හැමදේම
පැත්තක ඉඳලා අදින්න. ඔය හැම බල්ලෙක්ගෙම සුදු රෙදි ටික ඇදලම දාන්න. එහෙම කළා
කියලා මට ලැබෙන සැනසීමක් නෑ. මේ කොළඹ හෝටලේක රෑක් එළිකරනවා කියන්නේ මට මහ
දුකක්. බෙන්ස් එකෙන් මාව හේටලේට ගෙන්නගන්න බල්ලෝ පාන්දර මාව යැව්වේ වීල්
එකෙන්”
අද අමා කවදාවත් නැතුව ඇගේ ජීවිතයම අදිනවා.
“උඹ තීරණයක් ගනින් අමා. මම උදව් කරන්නම්”
ඒ ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි අමා සරසිගෙ වචනයි.
අමන්දා සරණි සිරිවර්ධනගේත් අමා සරසිගේත් කතාව දෙකක්ද? නැත්නම් එකම
කතාවක්ද? කියවන්න ‘සරසි’ සුජිව ප්‍රසන්න ආරච්චි ලියූ අපේ කාලයේ සැලෝලයිඩ්
කුමාරියකගේ ජීවිත කතාව….
Sarasi - සරසි
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sujeewa Prasannaarachchi - සුජීව ප්‍රසන්නආරච්චි
- ISBN: 9789551975531
- Availability: Out Of Stock
-
Rs. 690.00
- KBOOKS Cashback Rewards: 69