Jeff Vandermeer විසින් රචිත Annihilation ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය
Annihilation,
Authority, Acceptance යනු ජෙෆ් වැන්ඩර්මියර් විසින් 2014 දී රචිත x කලාපය
ගැන ලියැවුණු Southern Reach Trilogy නමැති තුන් ඈඳුතු නවකතා ත්‍රිත්වයයි.
‘සර්වනාශ’ යනු එම නවකතා ත්‍රිත්වයේ පළමුවැන්න වන Annihilation කෘතියේ සිංහල පරිවර්තනයයි.
මෙම කෘතියට 2014 දී හොඳම නවකතාවට පිදෙන ශර්ලි ජැක්සන් සම්මානයද, 2015 දී
හොඳම නවකතාවට පිදෙන නෙබියුලා සම්මානයද හිමි වූ අතර, 2018 දී සිනමාවටද
නැඟුණි.
මෙම නවකතාව ගතානුගතික විද්‍යා ප්‍රබන්ධ නවකතාවකට වඩා
ත්‍රාසයෙන් සහ අද්භූත රසයෙන් යුතුය. බැලූ බැල්මට වනගහනයෙන් පිරී ඇතැයි
පෙනුණද පරිසර හානියට ලක්වූ පෙදෙසක් වූ x කලාපය, වටහාගත නොහැකි සීමාව නිසා
වසර ගණනාවක් තිස්සේ අබිරහසක්ව, දුරස්ථව පැවතියේය.
‘සදර්න්රීච්’ නම් රහසිගත රාජ්‍ය කාර්යාංශය විසින් මේ ප්‍රදේශය පිළිබඳව සොයා බලනු පිණිස ගවේෂණ කණ්ඩායම් එකොළහක් පිටත්කර යවා තිබිණි.
එක කණ්ඩායමක සියලුම දෙනා සිය දිවි නසා ගත්හ. තව එකක් වෙඩි වරුසාවකින්
කෙළවර විය. එකොළොස් වැන්න මාරාන්තික පිළිකා වසංගතයක ගොදුරු බවට පත් වූහ.
දැන් කාන්තාවෝ සිව් දෙනෙක් fදාළොස් වැනි ගවේෂණ කණ්ඩායම වශයෙන් එම නොදන්නා
අඩවියට ඇතුළු වී සිටිති. ජීව විද්‍යාඥයෙකු, මානව විද්‍යාඥයෙකු,
මිනින්දෝරුවෙකු, මනෝ විද්‍යාඥයෙකු යන පිරිසගෙන් මෙම කණ්ඩායම සමන්විත වේ.
ඉතා අබිරහස් හා භයානක අත්දැකීම් රැසකට x කලාපයට ඇතුළු වන කණ්ඩායමට මුහුණ
දීමට සිදු වෙයි. මේ සියල්ල හමුවේ x කලාපයේ අබිරහස සෙවීමට මෙම ගවේෂණ
කණ්ඩායමට හැකි වේද?
--------------------------
ඇගේ කමිසය සහ ජැකට්ටුව ලෙයින් වැසී තිබුණි. එහෙත් ඇය හුස්ම ගත්තාය. ඇගේ
දෑස් විවරව තිබුණි. ඒවා මා ඇය අසලින් දණින් නැමෙත්දීත් සාගරය දෙසට යොමුවී
පැවතුණේය. ඇගේ වම් අතේ පිස්තෝලයක් විය. එම අත දිග ඇදී පැත්තට වී තිබුණ ද මම
කෝකටත් කියා එය ඇගේ අතින් ගෙන පසෙකට විසි කළෙමි.
මා පැමිණි බවක් ඇයට නොහැඟුණු සෙයකි. ඇගේ උරහිසකින් මා ඇල්ලූ සැණෙකින් ඇය කෑගසමින් ඉවතට පනින්නට ගොස් ඇද වැටුණාය. මම ද අහකට වූයෙමි.
‘සර්වනාශ !’ ඇය මා දෙස තෝන්තුවෙන් මෙන් නියවමින් කීවාය. ‘සර්වනාශ !
සර්වනාශ !’ ඇය එය යළි යළිත් කියන්න කියන්න, එය කිසිම තේරුමක් නැති හඬ ගෑමක්
බවට පත්විය. හරියට තටුවක් කැඩුණු කුරුල්ලෙකුගේ හඬ ගෑමක් මෙනි.
‘මේ මම, මම. ජීව විද්‍යාඥවරිය,’ ඇය මාව තිගැස්සුව ද මම තැන්පත් ස්වරයෙන් පැවසූයෙමි.
‘ඔයා විතර ද ?’ ඇය හතිය අදින්නියක මෙන් සිනාවක් පෑවේ මා කුමක් හෝ විහිළු සහගත දෙයක් කී ලෙසිනි.
‘ඔබ විතරයි’
ඇයව අල්ලා යළි කෙලින් හිඳුවත්දී ඇසුණු කෙඳිරිම් ගොරොද්දය අනුව ඇගේ ඉළ ඇට
බොහොමයක් බිඳි තිබෙන්නට හැකි බව මට වැටහුණි. ඇගේ වම් අත සහ උරහිස ජැකට්ටුවට
යටින් හසුවූයේ මෙලෙකට යි. ඇය නොසිතාම සිය අතින් තද කරගෙන සිටි ඇගේ උදරය
දෙසින් අඳුරු පැහැ රුහිරය කාන්දු විය. ඇය සිය ඇගේම මුත්‍රා පහකරගෙන ඇති බවට
මට ගඳ දැනුණි.
‘ඔබ තාම ඉන්නව නේද ?’ ඇය පුදුමයෙන් මෙන් පැවසුවාය. ‘ඒත්
මම ඔබව මැරුවනෙ. කොහොමද මැරුණෙ නැත්තෙ ?’ ඇය නින්දට වැටෙන්නියක මෙන් හෝ
සිහිනෙන් අවදි වූවකු ලෙසින් කීවාය.
‘පොඞ්ඩක්වත් නැහැ’
යළිත් රළු
හතිය නගමින් ඇය මා දෙස බැලූව ද මෙවර ඒවායෙන් තෝන්තු ස්වභාවය පහව ගොස් සිහිය
අවදී වී ඇති සෙයක් දිස් විය. ‘ඔයා වතුර ගෙනාවද ? මට තිබහයි’
‘ගෙනාව’
මම ඇයට උගුරු කිහිපයක් ගිල ගත හැකි වන සේ මගේ වතුර බෝතලය ඇගේ දෙතොල් වෙත
සෙමෙන් ඇල කළෙමි. ඇගේ නිකටේ ලේ බිඳු කිහිපයක් දිළිසුණේය.
Sarwanasha - සර්වනාශ
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - Sci-Fi - විද්‍යා ප්‍රබන්ධ
- - පරිවර්තන නවකතා
- - Susitha Ruwan - සුසිත රුවන්
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553113146
- Availability: Out Of Stock
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Rawana Meheyuma - රවණා මෙහෙයුම
මෙය හුදෙක් ප්‍රබන්ධ කෘතියක් නොව, සත්‍ය ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක කරුණු සාධක මත පදනම් වූ නිර්මාණා..
Rs. 450.00
E Ohu Nowe - ඒ ඔහු නොවේ
පාඨක ජනාදරයට පත් "රාවණා මෙහෙයුම"කර්තෘ සුසිත රුවන්ගේ දෙවන නවකතාවයි.විවිධාකාර සාහිත්‍යය ආකෘති තුළ සි..
Rs. 350.00
Rawana Meheyuma 2 - රවණා මෙහෙයුම 2
කතුවරයාගේ පළමු නවකතාව වූ ත්, අතිශයින් පාඨක ප‍්‍රසාදයට ලක් වූ ත්, බුද්ධියට ආමන්ත‍්‍රණය කරන ත‍්‍රාසජනක..
Rs. 1,050.00
Marayanaya - මාරායණය
පුද්ගල අත්දැකීම් විනිවිද දකින ජීවිතාවබෝධය හා සමාජ අවබෝධය මතු කරන අද්‍යතන සමාජ පැතිකඩක් විවරණය කෙරෙන ..
Rs. 950.00
Ravana Amaraneeyayi - රාවණ අමරණීයයි
රාවණා රජතුමා යුද ශිල්පයෙහි ප්‍රමුඛයෙකි. එතුමා යුදයට අවශ්‍ය ආයුධ සෑම අතින්ම සන්නද්ධ කොට ගෙන සිටියෙකි...
Rs. 350.00
Yaksha Gothrikayange Aprakata Thorathuru - යක්ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු
යක්ෂ ගෝත්‍රය විනාශ වුව ද ඔවුන් අනාගත දේශවාසීන්ට උරුම කළ දේ අතිමහත්ය. ' රක්ඛ විදාසනා නම් වාරි ක්‍රමය ..
Rs. 490.00
Yaksha Gothrika Bhashawa Saha Ravi Shailasha Wansha Kathawa - යක්ෂ ගෝත්‍රික භාෂාව සහ රවි ශෛලාශ වංශ කතාව
හේනු ,කයිර ,මන්ටක ,පදියන යනු යක්ෂ ගෝත්‍රිකයන්ගේ පාලන ප්‍රද්දේශ වශයෙන් හදුන්වයි....
Rs. 650.00
Padma Pali - පද්ම පාලි
තම පරපුර වෙනුවෙන් සටන් වැදුණු හෙළ යක් පරපුරේ අභීත කාන්තාවගේ කතාව..
Rs. 350.00
Sri Lankawe Rawana Adhirajage Sanskruthika Urumaya - ශ්‍රී ලංකාවේ රාවන අධිරාජයාගේ සංස්කෘතික උරුමය
සීතා දේවියද මහා යුද හරඹයෙන් පසු රාම කුමරුන් හමු වී සිය පතිවත පෙන්වීම පිණිස ගිනි මැලයට පැන ගමන් කළේ ග..
Rs. 390.00
Icarus Punaragamanaya - ඉකරස් පුනරාගමනය
විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල කතා සන්දර්භයේ ඉතා වැදගත් තේමාවක් ගැබ් කර ඇති අයුරින්ම 'Return of the Ica..
Rs. 300.00
X - එක්ස්
ලාංකේය මෙන්ම ලෝක විද්‍යාප්‍රබන්ධ සාහිත්‍ය පෙර නොසිතූ විරූ ඉසව්වකට බෙහෙවින් ම තාත්ත්වික සිදුවීම් ඇසුර..
Rs. 450.00
Sahasramukha Ravana - සහස්‍රමුඛ රාවණ
අහස අදුරු වී පවති, සැඩ සුලං හමාවි, දරුණු අකුණු අහසින් පොලවට වදීවි, මේඝයන්ගේ මහා ගර්ජනාව කන් බිහි..
Rs. 800.00
Sherlock Holmes Nagenahira Sulanga - East Wind - ෂර්ලොක් හෝම්ස් නැගෙනහිර සුළඟ
ෂර්ලොක් ද අවසානයේ පිටතට පැමිණියේ උන්මත්තකයෙකු සේ වියරුවෙනි."මේක නං එච්චර හොඳ දෙයක් නෙමේ" ෂර්ලොක්&nbs..
Rs. 700.00
Vikrutha Angara - විකෘත අංගාර
Altered Carbon - novel by Richard Morgann ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 1,200.00
Rawana Meheyuma 3 - රවණා මෙහෙයුම 3
Will be delivered from 2nd September දත්ත වනාන්තරය අතරින් තම සුපුරුදු ගමනෙහි යෙදෙමින් සිටියේය .රුක්ග..
Rs. 1,950.00
Awasan Nirupadrithaya - අවසන් නිරුපද්‍රිතයා
හේ දෑස් විදාගෙන වීදුරු තහඩුව හරහා පිටත බලාගෙන සිටියේ..
Rs. 700.00