සෞම්‍යාලෝකය සාම,ශාන්ති
හා සහජීවන ප්‍රයත්න තවත් යුද්ධයක් නොවිය යුතු බවපෙන්නුම් කරන විසල් දැක්මක
පිළිබිඹුවයි. දකුණු ඉන්දියාවේ අවස්ථාවාදී පටු දේශපාලනයේ විනාශකාරී ගිනි
පුලිගු දෙස බැලිය යුත්තේ දකුණු ඉන්දියානු මනෝ භාවයෙනි. එහෙයින් කතුවරිය
දකුණු ඉන්දියාවේ තිරිතංගගිරිය මෙන්ම වව්නියාව හා අනුරාධපුරය අතර මායිම්
ගමක් ලෙස සුධර්මපුරය ද නිර්මාණය කරනුයේ එක හා සමාන මාතෘ සෙනෙහසකිනි. යුද්ධය මිනිසුන්ගේ ජීවිතවල හැඩය හා වර්ණය පමණක් නොව
ඇතැම්විට නම් ගම් ද වෙනස් කළ අයුරු අපි ඇත දුටුවෙමු. එහෙත් ඒ නොරිස්සුම්
සහගත කෝපාන්විත අනවබෝධය යටින් ආදරය කරුණා ගුණ අංශුවක් හෝ ඉතිරිව තිබිය හැක.
එම උතුම් මිනිසත් ගුණය ශේෂය සාම ක්‍රියාන්විතයේ කඩයිම් දියවරයි.
Saumyalokaya - සෞම්‍යාලෝකය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sunethra Rajakarunanayaka - සුනේත්රා රාජකරුණානායක
- ISBN: 9789556719369
- Availability: Out Of Stock
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55