'ඒක හරි පාලු හවසක්
ඕළු මල් වත් පිපුණේ නැති දවසක්
පාරු ඔරු නැවතුනේ නැති
සේරුත් නිදිකිරපු දවසක්'
'රත්තරං හඳ එළිය වැටෙද්දී ගඟ උඩට
රත්තරං එපා කිව්වත් ඇහුණේ නෑ ඔහුට
රත්තරං බබෙක් කුස තුළ නිදනත'ර
අත් හැරුණි ආදරේ ගං දිය සරැළි පොඩි කර'
'ඉහිර ඉහිර දළ රළ උඩුගං බැලුවා
කොඳුර කොඳුර කී පෙම් කවි දිය කෙරුණා
සොඳුර,කියා සිපගත් තොල් පෙති රිදුණා
අඳුරු රැයක පත්තිනි සළුවත් ඉරුණා'
'වෙරළු අඹ,රසය දිවගට දැනෙන කොට
කඳුළු ගැලුවේ සයුරට ලුණුත් මුහු කොට
තෙපළු රළු වදන් මුහුණට එබී හැම විට
ළදරු පුතුත් හැඬුවා පෙකණිවැල සිඹ'
'ඕළු මල් පාට හවසක
ඕළු මල් නොපිපි දවසක
නොපිපුණු ඕළු කැකුළක
වැටී තිබුණා ඕළු පුතු පණ'
Dumburu Kola Monaru Lissana Papuwa Mada - දුඹුරු කොළ මොනරු ලිස්සන පපුව මැද
- Publisher: Sayura Publishers - සයුර ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Thanuja Lumbini - තනූජා ලුම්බිණි
- ISBN: 9789550980323
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sihina Agissaka Mal Pidunu Waga - සිහින අගිස්සක මල් පීදුනු වග
නිමක් නැති ජීවිතේ ඉමක් හෙව්වා ...පෙමක් එහි පටලවන් කලක් ගෙව්වා...බෝ දුරක් ඇවිත් යළි හැරී බැලුවා...මතක..
Rs. 250.00
Matath Dan Ea Para Mathaka Na Sekara - මටත් දැන් ඒ පාර මතක නෑ සේකර
සබද අපි වරාමල් ඈත හිමයක පිපෙන සුළඟ සැඩ වූ සැණින් මවගේ ඇකයෙන් මිදෙන ඩොලර් එකකට නුවර වැවට අහ..
Rs. 250.00
Kavi Sewanalla - කවි සෙවණැල්ල
කවි සෙවණැලි මත ලියූ කවි කොතරම් නිහඬව මිය ගොසින් ද ඔවුන් මේ අඳුරු,කළුවර අගාධය තුළ ගුලි..
Rs. 350.00