"ඔබ නටල තියෙන්නේ විදේශිකයෙකු එක්ක. ඔබ විදේශිකයෙකු සමග සතුටින් නටපු බව පේනවා. එය තනිකරම දේශද්‍රෝහී කමක්.."
"විදේශිකයෙකු සමග නැටුමක යෙදීම දේශද්‍රෝහී කමක්ද? " මා තරමක් තිගැස්සී ගියේ ඔහුගේ ප්රහාරයෙනි. නමුත් මොහොතකින් යථා තත්ත්වයට පත් වූ මට එම තර්කය මගේ වාසියට හරවා ගැනීමට හැකි අන්දම පෙනී ගියේය.
"විදේශිකයෙකු සමග නැටුමක යෙදීම දේශප්‍රේමයේ පටහැනි බව දැනගෙන හිටියේ නැහැ.නමුත් ඔබ වැනි දක්ෂ මාක්ස්වාදියෙකු හා විප්ලවවාදියෙකූගේ නිගමනය මා පිලිගත යුතුයි. කොහොම වෙතත් මම දේශප්‍රේමියෙක් නොවුනත් අඩුම වශයෙන් මගෙන් ප්‍රයෝජනයක් තිබුණා. එය මට ලැබිය යුතු ප්‍රශංසාවක් නොවේද?"
"මොකක්ද ඔබ අදහස් කෙරුවේ? ඔබෙන් ප්‍රයෝජනයක් ලැබුණා?"
"හොඳයි. ඔබ මේ දැන් කිව්වානේ විදේශිකයෙකු සමග නැටීම දේශප්‍රේමය නොවන බව.මගේ ස්විස් මිතුරා සමග නැටුමක යෙදීමෙන් මා ඔහූ දේශද්‍රෝහියෙකු කලා. මොකද ඔහුට මා විදේශික නිසා. නැටුමක් වැනි සුළු ක්‍රියාවකින් කෙනෙකු දේශද්‍රෝහියෙකු කලහැකි නම් එය ප්‍රයෝජනවත් නොවේද? ඒ කාරණය ගැන හිතා බලන්න.ඔබට ලොව පුරා සිටින චීන සතුරන් සැම දෙනාම මා සමග නැටුමට එවා දේශද්‍රෝහීන් කලහැකි යි.එක වෙඩිල්ලක් වත් නොතබා. මේ වගේ ප්‍රයෝජනයක් ලැබෙන්නේ වෙන මොනවායින් ද? "
මට හාස්‍යය මැඩගැනීමට සිදුවූ බැවින් අවසන් වචන කීපය පැහැදිලි ව කියාගත නොහැකි විය.
Shanghai Kandula - ෂැන්හයි කඳුළ
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Manel Jayanthi Gunasekara - මානෙල් ජයන්ති ගුණසේකර
- ISBN: 9789556912159
- Availability: Out Of Stock
-
Rs. 480.00
- KBOOKS Cashback Rewards: 48
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sake Suwada - සකේ සුවද
ගැහැණියට පා තැබීමට තහංචි පැනවූ ලෝකයක් ජයගන්න නිහඩ අරගලයක යෙදුණු එඩිතර ගැහැණියකගේ කතාව. " ගැහැණියක් ප..
Rs. 800.00
Mage Naraka Sahodari - මගේ නරක සහෝදරී
එකිනෙකාට වෙනස් ගතිගුණ සහිත මෙලිස්සා සහ මාටිනා නම් සොහොයුරියන් දෙදෙනෙකු ගැන මෙම කතාවෙන් කියැවේ. නොයෙක..
Rs. 650.00