'පවර් හබ්' එක ආවේ හැන්දෑවරුවේ. තොල යට තිබුණු උපන් ලපේ පහළ යනවා වගේ සුනේත්රා දැක්කා. ඒ කියන්නේ හිනාවුණාද?
"ඉමේෂ්ගේ අම්මා නේද?"
ශාන්ත කතාව, ප්රසන්න හිනාව, පුළුල් උරහිස්, සික්ස් පැක්!
එහෙමැයි කියලා නගර සභා සංස්කෘතිය වෙනස් කරන්න පුලුවනෑ. සුනේත්රා පෑවේ ළා හිනාවක්. වැඩියෙන් පෙන්නුවේ වැඩ අධික බව. මහජන සේවකයෝ නෙවෙයි අධිරාජ්යයෝ බව පෙන්නන්න නං තව හිනාව අඩුකරගෙන, ලපේ දිහා බැලිල්ල නතර කරන්න ඕනියි කියලා සුනේත්රාට හිතුණා,
"අම්මා නේද?" යි පැනයට ඇය පිළිතුරු දෙන්න ගියේ නෑ, වැඩ අධික බවම පෙන්නන්න උත්සහ කරා. සුධාරකගේ ආදායම් පත පුරවන අතරේ ඇය මේසේ අස්සෙන් තව ෆයිල් මිටියක් ඇදලා ගත්ත. ඒක බොරු ඇදිල්ලක් බව දන්නේ සුනේත්රා විතරයි.
Loku Rayanna - ලොකු රයන්න
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Malik Thusitha Gunarathna - මලික් තුසිත ගුණරත්න
- - Books Published in 2022 - 2022 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245638413
- Availability: Available
-
Rs. 1,000.00
- KBOOKS Cashback Rewards: 100