ඇය ළඟින් දැනුණේ රොටි සුවඳ. ඇයගේ අත්වල තිබුණේ ඇනු පිටිවල සුවඳ.යන්තම් සුදු පැහැති ඇස්වලින් ය සිනාසින. අත්කොට හැට්ටයක් හඬ සිටි නිසා පිරිපුන් අත් ගොබ දෑස් කැළඹීය. කෙටි සායෙන් පහළට රඹ කඳක් මෙන් දිදුලන දෙපය. කේෂාලංකාරය දිගුය. ය සුදුය. මුහුණේ තැන තැන ලපය. එය සුන්දරය.
"මහත්තයා ප්ලේන්ටිය"
නිර්මලගේ කල්පනාව බිඳීණ. ඇය කහට කෝප්පය අත තබාගෙන බලා සිටියි.
"කොච්චි මිරිස් සම්බෝලය කට දනවා."
ඇය නිර්මලට සිනාසෙමින් නැවත රොටි පිළිස්සෙන තැටිය අසලට ගොසින් නැවතින.
"රෝසි අක්කේ වඩේ පහක් දෙන්න"
"රෝසි" නිර්මල යාන්තම් සිනි තිබුන කහට කෝප්පය තොලගාමින් තමන්ටම මිමිණිය...
Parage Ketikatha - පරාගේ කෙටිකතා
- Publisher: Nimansa Publication - නිමන්සා
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Parakrama Ekanayake - පරාක්රම ඒකනායක
- - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245658411
- Availability: Available
-
Rs. 500.00