‘‘නොනැවතී ජනේලයෙන් බලා සිටින උදයංග දවසක් විලේ රහස අල්ලා ගත්තා.
මංඤොක්කා දළුලන සැටිත් ඔහු දැක්කා. රාත්‍රියට නෙළුම්මල් බවට පත් වෙන්නේ
මංඤොක්ක දළු බව ඔහු විශ්වාසෙටම හොයා ගත්තා. රෑට නෙළුම් ලෙස මතුව පිපනෙ ඒ
දළු දවාලෙට මංඤොක්කා ගස් ඇතුළේ සැගවී ගන්නවා. දැන් මංඤොක්කා ගසුත් ලොකුයි.
දවසක් උදයංග විල පිපෙන හැටි බලන් ඉදල නිදා ගත්තා විතරයි ඔහුගේ කාමරේ ගොඩබිම වෙව්ලන්න ගත්තා. ඔහු නැගිටල ඇදේ ඉදගත්තා.
ජරජර ගාලා පොරළව දෙදරණ සද්දේ ඇහුණා. හිටිවනම එක තැනකින් පොළව පැළිලා කට ඇරුණා. උදයංග එබී බැලුවා. මංඤොක්කා අලයක් ලොකු වෙවී පොළව යටින් ඇදිලා යනවා. හරියටම උදයංගගේ ඇද ළගින් පොළව පැලුණා තැනින් මංඥොක්කයක් එබිලා බැලුවා.
‘‘බය වෙන්න එපා බබා - ඔයා නිදා ගන්න අපි මේ බහිනවා.“
‘‘බහිනවා?“
‘‘බහිනවා! බහිනවා කියන්නේ අපි ලොකු වෙනවා. ඔයාල නිදා ගත්තම ලොකු වෙනවා. අපි ඔයාල නිදා ගන්නකල් ඉදලා ලොකු වෙනවා. “
උදයංග කකුල් දෙකම ඇද උඩට අර ගත්තා.
‘‘බබා නිදා ගන්න. නිදාගෙන ලොකු වෙන්නන. “
කලිසමේ සිප් එක වැහනෙව වගේ පොළවෙ පැලුණ තැන වැහිලා මංඤොක්කය නොපෙනී ගියා.මංඤොක්කය පොළව හොල්ල ගෙන බැහැලා යනවා ඇහුණා.උදයංගත් ඉක්මනට ලොකු වෙන්න හිතා ගත්තා.“
Vila Saha Mala - විල සහ මල
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Liyanage Amarakeerthi - ලියනගේ අමරකීර්ති
- ISBN: 9789552068710
- Availability: Out Of Stock
-
Rs. 180.00
- KBOOKS Cashback Rewards: 18