බුදුහු මාරයා කරා පැමිණියහ.
එසේ පැමිණ මාරයා හට උණුසුම් ලෙස ආචාර කර මාරයාගේ දෑතින් අල්ලාගෙන මෙසේ කී සේක.
" ආයුබෝවන්, සුවදුක් කෙසේද ?
ඔබ දකින්නට ලැබීම මට මහත් සතුටට හේතුවක් "
මාරයා කිසිදු පිළිතුරක් නොදුන්නේ ය. බුදුන් වහන්සේ ඔහුව තම ගඳකිළිය වෙත කැඳවාගෙන විත් අසුනක් පැනවූ සේක. අනතුරුව මාරයා හට ගිලන්පස පිළියෙල කරන ලෙස බුදුහු ආනන්ද තෙරුන්ට දැන් වූහ. " මම මගේ බුදුපියාණන් වහන්සේට දවසකට සියවරක් වුවද ඉතා සතුටින් ගිලන්පස පිළියෙල කරන්නෙමි, නමුත් මාරයා හට ගිලන්පස පිළියෙල කිරීම නම් මා වෙහෙස කරවන්නකි" ආනන්ද තෙරණුවෝ මෙසේ සිතූහ. නමුත් උන්වහන්සේට බුදු පියාණන්ගේ ඇනවුම කිසිසේත්ම ප්‍රතික්ෂේප කළ නොහැකිය. එහෙයින් අනන්ද තෙරණුවෝ උන්වහන්සේටත් උන්වහන්සේගේ ඊනියා මිතුරාටත් ගිලන්පස පිළියෙල කිරීම සඳහා පිටත් වූහ. ගිලන්පස පිළියෙල කරන අතරතුර දෙදෙනාගේ බසට ද කන් දුන්හ.
"ඉතින් ඔබේ විස්තර මට කියන්නැයි" ඉතා උණුසුම් ලෙස කීහ. "මගේ තොරතුරු නම් එතරම් සතුටුදායක නැත. මාර පදවියේ සිටීම තවදුරටත් කළ නොහැකිය. මට වෙනත් කාර්යයක් ලැබේනම් එය ඉතා වටනේය."
ආනන්ද තෙරණුවන් තුළ බියක් හට ගත්තේය. මාරයා තවදුරටත් මෙසේ කීය.
මාර තනතුර එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන්නේය. මා යමක් ප්‍රකාශ කරන හැම අවස්ථාවකම එය කළ යුතු වන්නේ ප්‍රහේලිකාත්මක මගකින් මය. මා කුමක් කීවත් කළත් මාගේ කපටිකම ප්‍රධාන විය යුතුය. ඒ හැම අවස්ථාවකදීම මගේ දුෂ්ටකම ප්‍රකට කළ යුතු වන්නේය. මෙම සියල්ලෙන් ම මම වෙහෙසට පත්වී සිටි මි.
මට තව බරක් වන්නේ මගේ ශ්‍රාවකයන් ය. ඔවුහු දැන් සමාජ සාධාරණත්වය සාමය සමානාත්මතාවය නිදහස අද්වෛතය සහ අහිංසාවාදය ගැන කතා කරති. මෙම තත්ත්වය හේතු කොටගෙන මම බෙහෙවින් වෙහෙසට පත්වේ සිටින්නෙමි. සියල්ල ඔබවහන්සේ පිළිගනිත් නම් යෙහෙකැයි මම සිමි. මට මගේ ජීවිතය සකස් කර ගැනීමට අවශ්‍යය
ආනන්ද තෙරණුවෝ බුදුහු මාරයා හා සමග තම කාර්යභාරය හුවමාරු කර ගනිති යි බියෙන් වෙව්ලා ගියහ. මාරයා බුදුවන බුදුන් මාරයා වන මෙම හුවමාරුව ආනන්ද හිමියන් සංත්‍රාසයෙන් ඇලළී ය. බුදුහු සාවධානව සවන් දී අවසානයේ ඉතා සන්සුන් ලෙස මෛත්‍රී සහගත ව මෙසේ දේශනා කළහ.
බුදු වීම විනෝදජනක කාර්යයක් යැයි ඔබ සිතන්නේද ? මගේ ශ්‍රාවකයන් මට කර ඇති දේ ඔබ නොදන්න හිද. මා කිසිදා දේශනා නොකළ වදන් මගේ වදන් ලෙස ඔහු ඉදිරිපත් කරති. ඔවුහු ඉතා සුඛෝපභෝගී පන්සල් ගොඩනගාගෙන ඒවා තුළ මගේ පිළිම තැන්පත් කරති. එමගින් ඔවුහු උදර පෝෂණය උදෙසා ආහාර පුදපූජා අද්දවා ගනිති. ඔවුන් මට විවිධ නම් පටබැඳ තිබේ. එමෙන්ම ඔවුහු මගේ ඉගැන්වීම් විකුණන්න ද උත්සාහ කරති.
මාරය බුද්ධත්වය යනු කුමක්දැයි ඔබ දන්නෙහි නම් ඔබ බුදු වීමට තැත් නොකරන බව මට සහතිකය.
Shunyathawayada Sapekshathawadayada - ශුන්‍යතාවයද සාපෙක්ෂතාවාදයද
- Publisher: Seri Prakashana - සේරි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Philosophy - දර්ශනවාදය
- - Mandawala Panknawansa Himi - මණ්ඩාවල පඤාවංස හිමි
- ISBN: 9789551715111
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sanhindigiya Hadin - සංහිඳිගිය හදින්
අප බොහෝ දෙනකුගේ නිවෙස්වල බුදුමැඳුරු, වන්දනා කුටි තිබේ. මේ කුටිවල බුද්ධරූප හා දේවරූපද තිබේ. තිච් ඤ..
Rs. 275.00
Diviya Diviya Amathayi - දිවිය දිවිය අමතකයි
ප්‍රේමය හඳුනා ගන්නට කලින්, මම ප්‍රේම ගීත ගයන්නට පුරුදු වී සිටියෙමි. එහෙත් මා ප්‍රේමය හඳුනා ගන්නට වූ පසු..
Rs. 150.00
Muniwaraya - මුනිවරයා
එම දේශනාව හමාර වන්නා හා ම නීති විශාරදයෙක් එතැනට පැමිණියේය. හෙතෙම මුනිවරයා අමතමින්:‘නීතිය ගැන උගන්වනු..
Rs. 400.00
Game Sita Sidadiyata Liyami - ගමේ සිට සිදාදියට ලියමි
ගමේ සිට සිදාදියට ලියමි නම් වන මෙම කෘතිය අල්ෆොන්ස් දොදේ (Alphonse Daudet 1840-1897) ලේඛකයාගේ Lettres ..
Rs. 450.00