රිදීකරඬුව අපූර්ව චමත්කාරයකින් සහ ආනන්දයකින් සහෘද සිත් පුරවාලයි.ඒ ඔස්සේ අප තුළම සහ අප අවට ලෝකයේ ඇති අත්දැකීම් කෙරේ කවියා පිවිසෙන්නේ පෙර නොවී විරූ නැවුම් ආකාරයකිනි. මනුෂ්‍යත්වය වෙත හෙළන්නේ මානව දයාවෙන් පිරි ඉතිරී ගිය දෘෂ්ටියකි.ඒ සඳහා කවියා භාවිත කරන කාව්‍යෝචිත භාෂාව,අත්දැකීමෙන් අත්දැකීමට අවියෝජනීය ලෙස බැඳී ගිය එකකි.ජීවගුණයෙන් පණගැහෙන භාවපූර්ණ වූ එකකි.නිර්ව්‍යාජත්වයෙන් මෙන්ම මුනිවරයෙකුගේ සංයමයකිනි.ඒ සියල්ලම මනා ලෙස උපයෝගී කර ගනිමින් තමා තෝරාගන්නා අත්දැකීමේ පතුළටම කිමිදෙමින්,කවියා මතුකරන අප නොදකින ජීවිත යථාර්තය අතිශයින්ම ප්‍රබලය.එය ඉතා සියුම් ලෙස සහෘදයාටත් හොරා ඔහුට ජීවිත පරිඥාලෝකය තිලිණ කරයි.
Ridikaranduwa - රිදීකරඬුව
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - K.M.I.Swarnasinghe - කේ.එම්.අයි.ස්වර්ණසිංහ
- ISBN: 9786245638307
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35