මම
හැම විටම කරන්නෙ මොනවා හෝ ගැන සිතීම. හැබැයි සිතීම අනතුරුදායක යයි විටෙක
මට සිතෙනවා. අනතුරුදායක වෙන්නේ මම සිතන විට තවත් කෙනෙක් මගේ එ් සිතිවිලි
පිටපත් කරන බව මට දැනෙන නිසා. රාත‍්‍රියට හිතාමතාම නොනිදා කල්පනා කරන එක
මගේ සිරිතක්. මට කල්පනා කරන්නට බොහෝ දේවල් තිබෙනවා. කල්පනා නොකර අලසව
සිටීමෙන් ලොවට සිදුවිය හැකි හානිය කොතරම්ද කියා මා දන්නවා. එළියේ
දෘශ්‍යමානව තිබෙන යථාර්ථය ඇත්ත නොවන බව දන්නේ කීයෙන් කී දෙනාද? හැමෝම
හිතන්නේ අපි එදිනෙදා උදේට නැගිට කාබී වැඩට යන බව. ආපසු ගෙදර ඇවිත් කා බී
නිදා ගන්න බව. මගේ පොත් රාක්කේ පොත් තියෙනවා. පත්තර සඟරා තියෙනවා. මේවා
පුරෝගෙන තියෙන්නේ මගේ සිතිවිලි. මම හිතපු දේවල්. කව්රුහරි කෙනෙක් මගෙන්
එ්වා හොරකම් කරගෙන පිටපත් කරලා. මම නොනිදා සිටින්නේ නිදා ගත්තොත් මට
සිතන්නට බැරි නිසයි. ලෝකය පාලනය වෙන්නේ මගේ සිතිවිලිවලින්. මම සිතීම
නැවැත්වුවහොත් ලෝකයත් නවතින බව මම දන්නවා. ලෝකය කැරකෙන්නේ මට අවශ්‍ය නිසා.
හරියටම කියනවා නම් මගේ සිතිවිලි වල බලයෙන්. සොබා දහම මගේ සිතිවිලි වලින්
පාලනය වන බව මම අනන්තවත් අත් දැක තිබෙනවා. මම නාන කාමරයට ගිහින් මුත‍්‍රා
කරන කොට එළියේ වහිනවා.
Dennek Noweyi Ekkenek - දෙන්නෙක් නොවෙයි එක්කෙනෙක්
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Saman Wickramarachchi - සමන් වික්‍රමආරච්චි
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553118431
- Availability: Out Of Stock
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20