පතින් පත ගිලිහෙයි මාරුතේ
නෙතින් නෙත හමුවී මග හැරී
ඉතින් ඔබ යන විට තටු ලැබී
සිතින් මම සිහිනෙකට පිවිසෙමී
රැයෙන් රැය වියපත්ව යන සඳ
මාත් කවි ලියනවා ඉඳහිට
විතෙන් විත අතින් හිස් වන විට
ජීවිතය ගැටගසමි ඉඳහිට
කාත් කව්රුත් නැතිව තනිවුනු
ගිනි ගැනුණු කඳු මැද දුම් නගින
දුක්බරය මේ අහස් සේයාව
පුරන් වූ වෙල් ඉමට යා වුණු
ඔබ තැබූ අවසාන මල් මිට
තැලී වියළී තිබේ සිත තුළ
විටින් විට මතකයට අරගෙන
දිගහරිමි එහි පෙති එකින් එක
මඟහැරුණු කුරුල්ලෙක් ඉඳහිට
වියලි මේ දොඹ ගහට එයි තව
රංචුවෙන් මිදී ගිය බව දැන
සොයයි ඌ ජීවිතය වටපිට
ඌ නගන සියුම් අත් තටු නාද
බොහෝ දුක ගෙනෙයි මා සිත තුළට
ඔබ මෙන්ම යනු පිණිස අර අඳින
මේ මහා අහසටය උගෙ දෑස
එවිට මම නෙත් වසමි හෙමිහිට
ගිලිහෙනා පියාපතක් විලසට
අපෙන් අප මගහැරුණු විලසට
සිතින් යමි තනිවම ඉතින් මම
Siyum Aththatu Nada - සියුම් අත්තටු නාද
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Nadun Yasitha Dasanayaka - නඳුන් යසිත දසනායක
- ISBN: 9789556771510
- Availability: Out Of Stock
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20