මෙම වෘත්තාන්තයේ සඳහන් වන ත්‍රිපිටක භික්ෂුව සැබැවින්ම ජීවත් වූ කෙනෙකි. ක්‍රිස්තු වර්ෂයෙන් හත්වන ශත වර්ෂයේ විසූ මේ භික්ෂුවගේ ඉතිහාසයේ සඳහන් නියම නම හ්සු ආං ට්සාං ය. ඔහුගේ වන්දනා ගමන ගැන එකල ම ලියූ සම්පූර්ණ වාර්ථාවක් තිබේ. දහවන ශතවර්ශය පමණ වන විට මේ භික්ෂුවගේ වන්දනා ගමන නොයෙකුත් අද්භූත කතාන්දරයන්ට හේතුව කොට ගෙන තිබිණි. දහතුන් වන ශතවර්ශයේ පටන් මේ අද්භූත කතා චීන නාට්‍ය වේදිකාවේ ඉදිරිපත් වන්නට විය. එහෙයින් වූ වෙං එන්ට මේ අද්භූත කතාව ගෙතීමේ දී බොහෝ කරුණු නිර්මාණය කිරීමට සිදුවිය.
වානරයා අලංකාර, විකාර, හාස්‍ය, ප්‍රලාප කතා පිළිබඳ අති විශිෂ්ට සංකලනයකි. මෙහි ගැමි කතා, දෘෂ්ටාන්ත කතා, ආගමික කතා, ඉතිහාස කතා හා පාලක නිලධාරීන්ට දරුණු උපහාසයන් එල්ලකොට ගෙතූ කතාවන් ද ඇතුළත් කොට තිබේ. මෙහි එන ත්‍රිපිටක භික්ෂුව ජීවිතයේ දුෂ්කර අවස්ථා වල අවුල් තැවුල් සිතින්, මෝඩකමින් වැරදි කරන සාමාන්‍ය මිනිහා මෙන් පෙනී සිටින අතර වානරයා, සාමාර්ථ්‍යයේ චංචල අස්ථීර මූර්තිය මෙන් පෙනී සිටී.
මෙය ලංකා ගුවන් විදුලියේ "වානරයා" ලෙසින් සහ රූපවාහිනියේ The Monkey ලෙසින් ඔබ රස විඳි නාට්‍යයට පාදක වූ ජනප්‍රිය පැරණි නවකතාවයි.
Wanaraya - වානරයා
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - A P Gunarathna - ඒ පී ගුණරත්න
- - State Literary Awards - රාජ්‍ය සාහිත්‍ය සම්මාන
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789559348035
- Availability: Out Of Print
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Baddegama - බැද්දේගම
"පහුව දා හින්නිහාමි පරණ හේනක දර අවුළමින් සිටිනු පෙනිණ. මුවා ද ඈට ටිකක් දුරින් දළු කමින් සිටියේය. හ..
Rs. 675.00
Leonard Woolfge Dinapothe Nila Satahan - ලෙනාඩ් වුල්ෆ්ගේ දිනපොතේ නිල සටහන්
මෙම පළාත්වල සිටින පිරිමි පක්ෂය සමන්විත වන්නේ සේවයෙන් පහ කරන ලද මුලාදෑනීන්ගෙනි. රීළඟ වතාවේ මිද්වලකඩ ද..
Rs. 800.00
Lakbime Sath Wasak - ලක්බිමේ සත් වසක්
මෙම පළාත්වල සිටින පිරිමි පක්ෂය සමන්විත වන්නේ සේවයෙන් පහ කරන ලද මුලාදෑනීන්ගෙනි. රීළඟ වතාවේ මිද්වලකඩ ද..
Rs. 1,480.00
Sinhala Katandara - සිංහල කටන්දර
හැම ජාතක කතාවකින්ම බෝධිසත්ව චරිතයක් මතුකර දෙන්නාක් මෙන් අපේ ගම කතආවල ද කතා නායකයාට ,ගුණ නුවනට ,යුක්ත..
Rs. 200.00
Baddegama Wimarshanaya - බැද්දේගම විමර්ශනය
ඒ.පි.ගුණරත්න අනුවාදනය කළ ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගම විමර්ශනය සාහිත්‍ය සම්මාන ලාභී ලේඛිකා අනුලා විජයරත්..
Rs. 230.00