වංශවත් පවුල් කිහිපයක ජීවන පුවතක් සේ ඇදීයන මේ මුළු කෘතිය පුරාම අඛණ්ඩ හුයක් සේ මතුව පෙනෙනා එක් ලක්ෂණයක් වනුයේ යුරෝපියානු සංස්කෘතිය කෙරෙහි රුසියානු බුද්ධිමත් පර්ශද අතර පැවති සංවාදයන් හා විසංවදයන්හි සෙවනැල්ලයි .
"ඔයාට වැරදිලා ප්යෝදොර් ඉවානිච්"ඇය කීවා ය."ඔයා හිතන්න හොඳ නෑ...ඒත් මං අහන්නේ ඔයා ව්ලැදිමීර් නිකොලායිච්ට කැමති නැද්ද ?"ඇය හදිසියේම එසේ ඇසුවාය.
" නෑ. මං කැමති නෑ."
"ඇයි ඒ?"
"මං හිතන විදියට මිනිහට නැත්තෙම හදවතක් විතරයි." ඒ සමඟම ලීසාගේ මුහුණේ මඳහස පහව ගියේ ය.
" ඔයා පුරුදු වෙලා තියෙන්නේ මිනිස්සුන්ව නරක තාලෙට විනිශ්චය කරලයි."දිගු වේලාවක් නිහඬව සිටීමෙන් අනතුරුව ඇය කීවා ය.
"මං එහෙම හිතන්නේ නෑ.එහෙම මිනිස්සු ගැන නරක විදිහට මනින්න මට තියෙන අයිතිය මොකක්ද? මේ මටත් ඔහේ නිදහසේ මගේ සතුට ලබාගන්න ඕන වෙලා තියෙද්දි?අනික ඔයාය අමතක වුණා ද මං ඇවිල්ල අනුන්ගේ හිනාවට ලක්වෙච්ච මිනිහෙක් විත්තිය?...ආහ්.ඔව් නේන්නං "අනතුරුව ඔහු මෙසේ ද ඇසී ය." ඔයා තමුන්ගේ පොරොන්දුව රැක්ක ද?"
කෘතිය- Nest For The Gentry
පරිවර්තන නාමය- වංශවතුන්ගේ කැදැල්ල
කර්තෘ - Ivan Thurgenev
පරිවර්තනය- චූලානන්ද සමරනායක
ප්‍රකාශය- සුභාවී
පළමු මුද්‍රණය - 2016 වර්ෂය
Wanshawathunge Kadella - වංශවතුන්ගේ කැදෙල්ල
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chulananda Samaranayake - චුලානන්ද සමරනායක
- - Ivan Turgenev - ඉවාන් තුර්ගෙනෙව්
- - Russian Translations - රුසියානු පරිවර්තන
- ISBN: 9789551558789
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45