ස්වකීය ජීවිතය හා දේශපාලනය සංකලනය කරමින් නිරවුල් ව හා සුමට ව ලියා ඇති
‘අමුතු ඉලන්දාරියා’ තුළින් මනුෂ්‍ය සන්තානය පිළිබඳ පෘථුල අවබෝධයක් ඇත්තා වූ
තරුණ ලේඛකයෙකුගේ ආගමනය පෙන්නුම් කරයි.
සිංහල මවකට සහ දමිළ පියකුට දාව
1965 කොළඹදී උපන් ශ්‍යාම්, 1983 කළු ජූලියෙන් පසුව සිය පවුලේ අය සමඟ ලංකාව
අතහැර කැනඩාවට සංක්රමණයව දැන් ටොරොන්ටෝ නගරයේ ජීවත් වෙයි.
කොළඹ
ජීවත් වන්නා වූ කාසිකාර දෙමළ පවුල් අතර වසන ලොකු දෙමළ පවුලක ලෝකය තුළ අර්ජි
බැහැරියකු බවට පත් වෙයි. ස්වකීය වැඩිමල් සොහොයුරා සමඟ ක්‍රිකට් ගැසීමට වඩා
ගැහැනියක සේ වෙස් වලාගෙන ක්‍රීඩා කිරීමට හේ කැමැතිය. ස්වකීය සමකාමී
චර්යාවන් හා තමා ජීවත් වන්නා වූ සමාජයේ ජාතිවාදය සමඟ අරගල කරන අර්ජිගේ
ඇසින් ඔවුන්ගේ පවුල් ජීවිත දෙස අපි හැරෙමු.
--------------------------
මම හිස අත්වල රඳවා ගෙන අඬන්නට වීමි. “අනේ අම්මේ අනේ-” ඉකිබිඳීම මැද්දේ මම කීවෙමි.
ඈ දිගට ම ජනේලය දෙස බලා සිටියා ය.
මම විලාප දී ගෙන ඇඳට කඩා වැටුණෙමි. මා අඬා වැලපෙන සෑම විටෙක ම මෙන් මෙහි
දී ද පැමිණ මා වඩා ගෙන මගේ හිස ළැමට තබා ගෙන ඇගේ අර තොඳොල් කටහඬින් “මොකද
වෙලා තියෙන්නෙ? කවුද මේ අඬන පුංචි ඉලන්දාරිය?” අසනු ලබන අපේක්ෂාවෙන් මම පසු
වීමි.
එහෙත් අර මා ඇගේ fදාරට තට්ටු කරමින් කෑ ගෑ අවස්ථාවේ වූවාට වැඩි දෙයක් නොවූයේ ඈ මගේ ඇඬිල්ල නොතැකුවා ය.
කෙළවර මම ඇඬිල්ල නතර කොට උඩුබැලි අතට පෙරළුණෙමි. ඩිගී කාමරයෙන් ගොස්
තිබුණි. දැන් ඉතින් මා නිහඬ නිසා මා වෙත යොමු වූ අම්මා “ඉඳල බලන්නකො. ඔයාට
හොඳට විනෝද වෙන්න පුළුවන්-” සතුටු සිතින් තෙපලා ය.
“ඇයි මට ගෑනු ළමයිත් එක්ක සෙල්ලම් කරන්න බැරි?” මම ඇසුවෙමි.
“ඔයාට බෑ. එච්චරයි-”
“ඒත් ඇයි?”
ඈ නොසංසුන් ලෙස පයින් පයට මාරු වූවා ය.
“ඔයා දැන් ලොකු පිරිමි ළමයෙක්. ලොකු පිරිමි ළමයි වුණාම සෙල්ලම් කරන්න ඕන පිරිමි ළමයි එක්ක-”
“ඒක හරි මොට්ට වැඩක්නේ-”
“ඒකට කමක් නෑ. ජීවිතේ පිරිල තියෙන්නෙ මොට්ටකංවලින්. සමහර වෙලාවට අපිට ඔහේ ඒව කරන්න වෙනවා-”
“බෑ-” මම විරෝධය පෑවෙමි. “මම පිරිමි ළමයින් එක්ක සෙල්ලම් කරන්නෙ නෑ-”
Amuthu Ilandariya - අමුතු ඉලන්දාරියා
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Sugathapala De Silva - සුගතපාල ද සිල්වා
- - Shyam Selvadurai - ශ්‍යාම් සෙල්වදුරෙයි
- ISBN: 9789555732132
- Availability: Available
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ata Massa - ඇට මැස්සා
ඇත්තෙන්ම ඔබට හිතාගන්න බැරිද? ඔබ පාවා දුන්නේ වෙන කවුරුත්ම නෙමෙයි ඔබ පවා දුන්නේ ඔබමයි."අවජාතකයෙක් කොහො..
Rs. 1,950.00
Ese We Nam Minisune Asav - එසේ වී නම් මිනිසුනේ අසව්
ජීවිතය වූකලි ගලා හැලෙන සුන්දර දිය ඇල්ලකැයි චීන පඬිවරයෙක් කීවේය. එහෙත් අප ජීවිතය ලෙස දකින්නේ මෙම දි..
Rs. 550.00
Biththi Hathara - බිත්ති හතර
පත්තර රස්සාවේ එක හොඳක් තියෙනවා.. හැමදාම අලුත් දෙයක් කරනවා. අනුන්ට වැඩ කෙරුවත් තමන්ගේ වැඩක් කියලා හිත..
Rs. 450.00
Ballo Bath Kathi - බල්ලෝ බත් කති
""ශීඝ්‍රයෙන් වෙනස් වන්නාවූ සදාචාර සම්මතයන් හා පුරුෂාර්ථයන් විසින් කලබගැනියට පත් සමාජයක බල ලෝභයෙන් බි..
Rs. 550.00
Ikbithi Siyalloma Sathutin Jeewath Wuha - ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ
නැවත මුද්‍රණය - 2019 මැයි නිරුවත් දෙවියෙක් දිව්‍ය ලෝකයේත් සිටී. එ් කෙළියට කඩක් සඟවා යහළුවකුගෙන් එ..
Rs. 350.00