හැන්දෑව කියන්නේ
හෝරා තැටියෙ පැළැහෙන
නිශ්චිත කණිසමකටය නොවන බව
එක්තරා මඳදුරු අහසක
ලියැවී තිබුණා මතකද?
ඔව්, ඒ, නිම්තෙරට එපිටහින් එක්තරා ඈතක.
සමහර දවස්වල
ඇස් අග මිදුණු පින්න පිසදා බලනකොට
මෙන්න හැන්දෑව.
(හැන්දෑව නම් වූ අදහස, 25-26 පිටු)
මම හිතමි, මේ කියන සිහිනයට මඟ වැරදිලා වද්ද
රැයට කලියෙන් ඇවිත් අන්ධකාරය කනට කොඳුරද්ද
රාත්‍රිය හිටිගමන් තිගැස්සෙනු උඹට දැනිලා නැද්ද
නිශ්ශබ්දතාව උහුලද්ද කෙළවරක් නොපෙනෙන සද්ද
(මේ කියන සිහිනය.. 35 පිට)
Sulangata Avanathawa - සුළඟට අවනතව
- Publisher: Sama Publishers - සම ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Manjula Wediwardana - මංජුල වෙඩිවර්ධන
- ISBN: 9789553853608
- Availability: Out Of Stock
-
Rs. 270.00
- KBOOKS Cashback Rewards: 27