චක්කරේ ග්‍රහයන්ට
හතරකොන අමතකව
සුනන්දා තව හිඳියි
ඇගෙ පැලේ තනිකඩව
හදවතේ පොදි බැදුණු
කප්පරක් හීන ගුළි
හීනියට කැබලි කර
වළදමා ලිප් දොරේ
කැණි මඬල දෙදරාපු
පියස්සම රකින්නට
කෑලි කැඩි ඝණ අදුරෙ
ගෝඩ හැළියක රඟන
දකින දකිනා විටදි
පිරිමි ඇස් ගෙඩි නටන
සල්ලාල සුළං රැළි
ඇගෙ වතට ලොබ බඳින
පැකට් කළ ගිනි වතුර
දහය විස්සට වික්ක
කිසිදාක කිසිවිටක
සුනන්දා මිල නොකළ
සුන්දරයි සුනන්දා
අත කැත්ත රන්දා
ගමම බියවද්දා
සිටිත් නැත නින්දා
Sundarai Sunanda - සුන්දරයි සුනන්දා
- Publisher: Kavivara Prakashana - කවිවර ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Rohini Jayanthi Liyanage - රෝහිණි ජයන්ති ලියනගේ
- ISBN: 9789557283012
- Availability: Available
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20