"...මහත්මා ගාන්ධි සිහි කරන මෙම රචනයෙහිදී මගේ ප්රියතම අනික්
ඉන්දියානුවා ගැන සඳහන් කරන්නේ ඔහු තාගෝර්, ගාන්ධි සහ අම්බෙඞ්කර් යන
තිදෙනාගේම සංකලනයක් සේ වන බැවිනි. ඔහු දකුණු ආසියාවේ අවසාන ප්‍රාඥ
දේශපාලනඥයා යැයි කිව හැකි තරම් කෙනෙකි. උගත්කම, වාග් චාතූර්ය, ගැඹුරු
චින්තනය, විනීත සමාජාචාර විධි යනාදිය අතින් ඔහු දකුණු ආසියාවේ සිටි විශිෂ්ට
ප‍්‍රාඥයෙකි; විශිෂ්ට මිනිසෙකි. නොබෙල් ත්‍යාගලාභී මෙක්සිකානු කිවි
ඔක්ටාවියෝ පාස්ගේ වැකියක් මෙසේය: ”...හිට්ලර්, මා ඕ, සහ ස්ටාලින්
යනාදීන්ගෙන් සැදි සියවසක ජවහර්ලාල් නේරු යනු ශිෂ්ට දේශපාලනඥයෙකු බව කිව
යුතුමය..
ඔහුගේ පරභූ සමාජ පසුබිම හා ඔහු ලත් යටත්විජිත අධ්‍යාපන
තිබියදීත්, දුගී දුප්පත් ඉන්දියානුවා දෙස සහනුකම්පිකව බලමින් ඒ ඉන්දියානුවා
සමග ගැවසුණු කෙනෙකි. විවිධාකාරයේ සමාජ විසමතා සහිත ඉන්දියානු සමාජය තුළ
සාධාරණය ඇති කිරීම පිණිස ඔහුටම ආවේනික සමාජවාදයක් පරිකල්පනය කළ කෙනෙකි.
ලෝකය පුරා ප‍්‍රකාශ වූ මනුෂ්‍ය විශිෂ්ටත්වයට ආදරය කළ කෙනෙකි. විශිෂ්ට
සාහිත්‍යට
ඇලූම් කළ රසවතෙකි; තම ජීවන ලාලසාව වර්ධනය කරන බුද්ධිමත්
ස්ත්‍රීීන් සමීප සුහදිනියන් සේ ඇසුරු කළ ආදරවන්තයෙකි. ඉන්දියාවේ අවසන්
ආණ්ඩුකාර මවුන්මැට්න්ගේ බිරිඳ එඞ්විනාද සරෝජිනී නායිදු කිවිඳියගේ දියණියද
නේරුගේ ආදරවන්තියන් අතර සිටි බව කියවේ. නේරුගේ අවසන් වසරවල ඔහු මුණ ගැසී
ඇති ඔක්ටාවියෝ පාස් රමණීය වැකිවලින් නේරු චරිතය මෙසේ හසු කර ගනියි:
”...වෙහෙසට පත් වූ බවක් ඔහුගෙන් පෙනෙන්නට තිබුණේ වුවත්, නේරු වෙත පැවති
මනබඳින බව නිසා මම සෑම විටෙකම පුදුමයට පත් වීමි: අකලංක ලෙස සුදු ඇඳුමකින්
සැරසී සිටි ඔහු සිය කබා කොලරයෙහි රෝස පොහොට්ටුවක් ගසා සිටියේය. දේශපාලනය සහ
ස්ත‍්‍රිය යනු ඔහුගේ මහා ජීවන ලාලසා දෙකය යන්න අනුමාන කිරීම කිසිවෙකුට
අපහසු නොවීය” ශ්‍රී නේරු හුදු ස්ත්‍රී ලෝලයෙකු නොව ආදරවන්ත රසවතෙකු වූ බව
පෙනෙන පොතපත දැන් පළ වී තිබේ. ලාලසාත්මක සාහිත්‍ය රසිකයෙකුද වූ නේරු සිය
මරණ මංචකයේදී පවා රොබර්ට් ෆ්‍රොස්ට්ගේ අමරණීය කවියක් කියවමින් සිටියේය.
“stopping by woods on a snowy evening”
Woods are lovely, dark and deep
But I have promises to keep
And miles to go before I sleep
And miles to go before I sleep"
වයස අවුරුදු 74 දී, එනම් 1964 ඔක්තෝබර් 27 වෙනි දා, ඔහු අවසන් හුස්ම හෙළුෑ ඇඳ අසල තිබූ කොළයක රොබර්ට් ෆ්‍රොස්ට්ගේ ප්‍රකට
කවියෙහි ඉහත එන කොටස ශී‍්‍ර නේරුගේම අත් අකුරින් ලියා තිබිණි
මේ වූකලි ඕනෑම කෙනෙකු සිය මරණ මංචකයෙහිි කියවමින් සිටියේ යැයි දැනගන්නා ඕනෑම කාව්‍ය රසිකයෙකුගේ හද සසල කරවන කවියකි. අවසන් නින්ද නිදන්නට පෙර තවත් සැතපුම් ගණන් යන්නට ඇතැයි කවියෙන් කියවේ. නේරු ඒ අනික් සැතපුම් ගණන් යන්නටද කවියෙහි කියවෙන පොරොන්දු ඉටු කරන්නටද අවසර නොලැබම එදින මිය ගියේය.
Sithivili Sithijaya - සිතිවිලි සිතිජය
- Publisher: Swarna Grantha - ස්වර්ණ ග්රන්ථ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Liyanage Amarakeerthi - ලියනගේ අමරකීර්ති
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789557861594
- Availability: Available
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ahambakaraka - අහම්බකාරක
2016 සවර්ණ පුස්තක සම්මානය හිමිවූ පොත.2016 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.මෙර..
Rs. 1,200.00
Kurulu Hadawatha - කුරුලු හදවත
2014 සවර්ණ පුස්තක සම්මානය හිමිවූ පොත.වැඩවසම් සමාජ ක්‍රමයෙන් බැට කන තම පරම්පරාව ඉන් මුදවා ගැනීමට මූලි..
Rs. 1,200.00
Atawaka Puththu - අටවක පුත්තු
පනස් හයේ ඔහු උපදිනකොට, සිංහල බෞද්ධ ස්වර්නමය යුගය උදා වෙලා. දෙමලටත් දෙවැනි වෙලා, හිටපු සිංහලයො දියසේ..
Rs. 1,600.00
Kalawa Kumatada - කලාව කුමකටද
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක, භාෂා, සාහිත්‍ය, කලා, ඉතිහාසය වැනි විෂයන් අධ්‍යාපනය ගැන උනන්දුවක් දක්වන..
Rs. 980.00
Alu Pahathi Aranchi - අළු පැහැති ආරංචි
2018 රජත පුස්තක සම්මානය(කෙටිකතා) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.අර මිහිරි සීනු නාදයෙන් පසුව ලියනගේ අ..
Rs. 350.00
Tharuna Nawakathakaruweku Wetha - තරුණ නවකතාකරුවෙකු වෙත
ශ්‍රාස්ත්‍රීය ප්‍රවේශයකට වඩා ප්‍රබන්ධ කතා නිර්මාණකාරයෙකුට හෘදයාංගම විදිහට අමතන - නිර්මාණක ආවේශය සපය..
Rs. 450.00
Maha Purushayekuta Birindakwa - මහා පුරුෂයෙකුට බිරිඳක්ව
සොෆියා ආන්ද්‍රියෙව්නා නම් සුන්දර යුවතිය වයස අවුරුදු හා අටේදී තිස් හතර හැවිරිදි ලියෝ ටෝල්..
Rs. 1,950.00
Kalawa Saha MInisa - කලාව සහ මිනිසා
"ඉසියුම් ලෙස හික්මවන ලද සංගීත සංවේදීතාව වු කලි අධ්‍යාපනික අංග අතර වඩා ම ශිෂ්ටකරණීය අංගය වේ" "රූපක සහ..
Rs. 900.00
Ketikatha Kalawa - කෙටිකතා කලාව
The Art of Short Story: A Theoretical and Comparative Study.පරිච්ඡේද- පූර්විකා 1. පරිච්ඡේදය: සිංහල ..
Rs. 880.00
Vila Saha Mala - විල සහ මල
‘‘නොනැවතී ජනේලයෙන් බලා සිටින උදයංග දවසක් විලේ රහස අල්ලා ගත්තා. මංඤොක්කා දළුලන සැටිත් ඔහු දැක්කා. ..
Rs. 180.00
Rala Nagana Minissu - රළ නගන මිනිස්සු
ජෙරොම් ලෝරන්ස් හා රොබට් ඊ ලී ගේ රළ නගන මිනිස්සු' යනු ලෝකය පුරා විවිධ භාෂා වලට පරිවර්තනය වී ඇති ඇමර..
Rs. 450.00
Rathu Iri Andina Atha - රතු ඉරි අඳින අත
"...මේ රට වචන කිහිපයකින් සෙලවී යයි. වචනවලින් රටම හොල්ලන අයගේ වචනවලින් කලින් කල මත්වීමට මේ රට ආසා කර..
Rs. 500.00
Gedarawata Sithiyama - ගෙදර'වට සිතියම
තමා ගොඩ නගන ප්‍රබන්ධමය ලෝකයට රසිකයා කැඳවා ඔහුට හෝ ඇයට නොයෙකුත් අනු - ධ්වනි ආනන්ද සපයන අතර කම්පනී..
Rs. 450.00
Duwana Wattiya Saha Hinawena Tikira – දුවන වට්ටියා සහ හිනාවෙන ටිකිරා
මෙය ලියනගේ අමරකීර්ති ගේ නමවන කෙටිකතා සංග්‍රහය ය.කෙටිකතා දහයකින් සමන්විත මෙම කෙටිකතා සංග්‍රහය තුළ කතු..
Rs. 850.00
Doctor Dolittle - ඩොක්ටර් ඩූලිට්ල්
''මගේ ආදරණීය යාළුවනේ මම සමහර මිනිස්සු වගේ දිගට කතා කරන්න දක්ෂ නෑ.''මම මෙහෙන් ගියත් මේ කියන ටික හොඳට ..
Rs. 350.00
Vishwavidyala Yanu Kumakda - විශ්වවිද්‍යාලය යනු කුමක්ද
විශ්වවිද්‍යාලය යනු කුමක් වීද, කුමක්ද කුමක් විය යුතුද යන ප්‍රශ්න මේ පොතෙන් අසනු ලබන්නේ උසස් අධ්‍යාපනය..
Rs. 1,500.00
Kelalikarayo - කැළලිකාරයෝ
තුවාල සුවපත් වුවද ඒවාගේ කැළලි හා සම්බන්ධ මතකය සමග පොර බැඳීම ජීවිත කාලයක් පවතින බව කියන මෙම නවකතාව, බ..
Rs. 1,200.00