ඒ කාලෙ මම නිතර දැකපු දවල් හීනයක් තියෙනවා. දිව්‍යායි හසිනියි දෙන්නම මට හිමි වෙනවා. නීත්‍යානුකූල අයිතියක් අවශ්‍ය නැතැයි හසිනි කියනවා. හසිනිගේ පැවැත්ම දිව්‍යා ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. ඉනික්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ. එහෙම වෙන්නෙ හීන වලදි විතරයි. අඩුගානෙ සුරංගනා කතා වලවත් නෑ ඒ තරම් සාමකාමී ජීවිතයක්. ජාතක කතා සුරංගනා කතා වලට වඩා දියුණු හිංදා ඒවායේ තියෙනවා අඹුවෝ දෙන්නා සමඟියෙන් හිටි හැටි. අඹුවන් හතර දෙනෙක්ට නීතියෙන්ම අවසර දීලා තියෙන හින්දා, ආගම් අතින් ගත් කළ දියුණුම ඉස්ලාම්. ප්‍රේමයේ සියළු රසවිඳින්න නම් ගෑණු දුසිම් දෙකක්වත් ඕන. අම්මපා මම ශාස්තෲවරයෙක් වුණානම් බඳින වුන් බඳිනවා ගස්. හොඳම ප්‍රේමවන්තයන් හොයන්න රියැලිටි ෂෝ එකක් තියලා, ජයග්‍රාහකයෝ අනුගාමිකයො කරගන්නවා බලෙන්ම.
”නවකතාව සඳහා වූ අපූර්ව භාෂා ශෛලියක් නිර්මාණය කරන නවකතාවක්. හැඟුම්බර හා බියකරු සිදුවීම් මෙන්ම ලිංගිකත්වය පවා (එ්වායේ මුල් නොසිඳෙන සේ* සදය උපහාසයකින් ප‍්‍රතිනිර්මාණය කිරීමට කතුවරයා සමත්. මෙය සිංහල නවකතාව තුළ අතිශය විරල අත්දැකීමක්. වියමන තුළ ඍජුව ප‍්‍රකාශමාන නොවන හැඟුම්කාරකයන් ගවේෂණය කිරීමට පාඨකයා පොළඹවනසුලූ ආඛ්‍යානික ප‍්‍රවේශය නිසා කෘතියේ ගැඹුර හා රසය තීව‍්‍ර වේ.”
- සමන් වික‍්‍රමාරච්චි
”‘තී හා තා’ අසීමිත බැඳීමක් පිළිබඳ කතාන්දරයකි. ආදරයක මටසිළුටු බව සේ ම රළු පරළු බව ද එක්තැන් කළ අමුතු නවකතාවකි. නූතනයේ එක්තරා පරම්පරාවක ආදරය පිළිබිඹු කරන නවකතාකරුවා එකී තරුණ ජීවිත සමූහය දෙස හෙළන්නෙ අසම්මත මුත් නව්‍ය දෘෂ්ටියකි. ඊට ම උචිත වූ ලේඛකයාගේ සුවිශේෂ භාෂා භාවිතය පාඨක සිත් ඇද බැඳ ගනී.
Thee Ha Tha - තී හා තා
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Surath De Mel - සුරත් ද මැල්
- - Swarna Pusthaka Award Long Listed Books 2020 - 2020 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789553115874
- Availability: Available
-
Rs. 1,350.00
- KBOOKS Cashback Rewards: 135
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Swarna Pusthaka Award Long Listed Books 2020 - 2020 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්
මෙම ඇණවුම සඳහා ශ්‍රී ලංකාව තුළ ෆ්‍රී ඩිලිවරි ලබා ගත හැකිය. මෙම ඇණවුම සමග තවත් කෙතරම් පොත් ගෙන්..
Rs. 7,420.00
C+ - සී+
සී+,සුරත් ද මැල් ගේ දෙවන නවකතාවයි.ඔහුගේ ප්‍රථම නවකතාව 'තී හා තා'පාඨක,විචාරක සාහිත්‍ය සම්මාන දිනා ගැන..
Rs. 1,950.00
Duo - ඩුඕ-Dedenek-දෙදෙනෙක්
ඩුඕ සුරත් ද මැල් ගේ තෙවන නවකතාවයි.ඔහුගේ ප්‍රථම නවකතාව 'තී හා තා'පාඨක,විචාරක සාහිත්..
Rs. 1,350.00
Lamuthu Amaya - ළමුතු අමයා
'ළමුතු අමයා' ළමා පොතක් නොව ළමයෙකුගෙ සැබෑ සිතුවිලි පිළිබඳ උපහාසාත්මක හා යථාර්ථවාදී නවකතාවකි. "ළ..
Rs. 800.00