තෝමස් ස්ටියර්න්ස් ලියට් අවිවාදයෙන්ම විසිවන සියවසේ,ඉංග්‍රීසි කාව්‍ය ක්ෂේත්‍රයේ මුල් අසුනක් හිමිකර ගන්නා කවියාය.එහිදී ඔහු සමග සමතැන් ගැනීමට පෙරට එන්නේ , ඩබ්ලිව්. බී .යෙට්ස් හා එස්රා පවුන්ඩ් යන දෙදෙනාය. මේ තිදෙනා අතරින් ප්‍රමුඛතමයා කවරෙක්දැයි විසි එක් වන සියවසට එළබි මේ යුගයේ තීරණය වී ඇතැයි සිතමි. එහිදී ටි.එස් .එලියට් හට එම ස්ථානය හිමි වනුයේ ඉංග්‍රීසි කාව්‍ය පමණක් නොව, සමස්ත බටහිර දිග කාව්‍යයම, නව දිශාවක් කරා යොමු කිරීමේ මහා කාර්යය නිම කලේ ඔහු නිසාය.
මේ ග්‍රන්ථයේ පරමාර්ථය වනුයේ ඔහුගේ කාව්‍ය ප්‍රයාණයේ සන්ධිස්ථානයන්ද , උපයමාර්ගයන්ද , ආරම්මණයන්ද මොනවාදැයි විමසීමයි. කවියකු වශයෙන් ඔහුගේ ක්‍රමික වර්ධනයත්, ඔහු කාව්‍ය ක්ෂේත්‍රයට හදුන්වා දුන් විචාර සංහිතා, මෙන්ම ඔහුගේ කවිය ගැන ලුහුඩු හැදින්වීමක් කිරීමද මෙහිදී අපේක්ෂිතයි.
T S Eliot Ha Nava Kaviya - ටී එස් එලියට් හා නව කවිය
- Publisher: Ahasa Publishers - අහස ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Ariyawansa Ranaweera - ආරියවංශ රණවීර
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789557861883
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50