මේ කුප්‍රකට නාමයෙන් හැඳින්වුණු පුද්ගලයෙක් වසර 200කට ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ ජීවත් වූයේ ය.
වත්මන් වැඩිහිටි පරපුරේ බොහෝ දෙනෙක් තම්බි මුදියන්සේ ගැන දනිති. අඩු
වශයෙන් ඔහු පිළිබඳ ව අසා දැන තිබේ. එහෙත් අද තරුණ පරපුරේ බොහෝ දෙනකු ඔහු
පිළිබඳ ව දන්නේ නැත. අඩු වශයෙන් ඒ නම වත් අසා ඇති අයකු වෙතොත් ඒ
කලාතුරකිනි. ඔහු පමණක් නොව ඔහුගේ කාර්යභාරය ම ඉටු කරමින් සිටින නූතන තම්බි
මුදියන්සේලා පිළිබඳ ව ද බොහෝ දෙනකු දන්නේ නැත. තම්බි මුදියන්සේ යනු මේ රටේ
ඉතිහාසය තුළ නොමැකෙන ලෙස සටහන් වී ඇති කුප්‍රකට නාමයකි. ඉතිහාස
පොත්වල තම්බි මුදියන්සේ යන නම දක්නට ලැබෙන්නේ ඉතා ම කලාතුරකින් වුවත්
ඉංග්‍රීසින් මෙරට යටත්විජිතයක් බවට පත් කර ගත් ආසන්න අවධියේ ඔවුන්ගේ ලිපි
ලේඛනවල ඔහු පිළිබඳ ව සටහන් දක්නට ලැබේ. තම්බි මුදියන්සේ පිළිබඳ ව
ප්‍රසිද්ධියට පත් වූ ලේඛන බොහොමයක් දක්නට ලැබෙන්නේ ඔහුගේ මරණයෙන් පසු ව ය.
ඔහු පිළිබඳ ව ඉංග්‍රීසින් තැබූ සටහන් සහ ඔහු වෙනුවෙන් ලබා දුන් සහතික,
ස්තුති පත්ර ආදියෙන් ඔහුත් ඉංග්‍රීසි ආක්‍රමණිකයාත් අතර පැවැති සම්බන්ධය
වටහා ගත හැකි ය. ඔහුගේ නාමය ඉතිහාසයේ නොමැකෙන ලෙස සටහන් වී ඇත්තේ
ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කිරීමට ඔහුගෙන් ලැබුණු දායකත්වය නිසා ය. ඔහු
පමණක් නොව ඔහුගෙන් පසු ව ඔහුගේ පරපුර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කරන්නට
දායක වූ නිසා ය. ඔවුන් ලබා දුන් ඒ දායකත්වය මේ රටේ ඉතිහාසය වෙනස් කරන්නට
බලපෑවේ කුමනාකාරයෙන් ද යන්න මේ කෘතිය තුළින් යම් තරමකට හෝ පෙන්වා දෙන්නට
උත්සාහ කරනු ලැබේ. ඒ හැර ඔහුගේ පරපුරේ වත්මන් පුරුක් ද මේ රටේ
ඉතිහාසය වෙනස් කිරීමේ කටයුත්තට දායක වෙමින් සිටින නිසා තම්බි මුදියන්සේ
නාමය සිහිපත් කළ යුතු ව ඇත. ඉතිහාසය ප්‍රතිනිර්මාණය වෙමින් තිබේ.
අනාගතය ගොඩනැඟෙන්නේ ඉතිහාසය මතිනි. එබැවින් රටක අනාගතය ගොඩනැඟීමෙහි ලා
ඉතිහාසයෙන් සිදු වන බලපෑම ප්‍රතික්ෂේප කළ නොහැකි ය.ඉතිහාසය හැදෑරිය යුත්තේ
එබැවිනි. ඉතිහාසයෙන් පාඩම් උගත යුතු ය. අනාගතය කෙරෙහි ඉතිහාසයෙහි ඇති බලපෑම
වටහා ගත හැක්කේ ඉතිහාසය හදාරන විට ය. අපේ ඉතිහාසයේ ස්වභාවය කිරා මැන බලා,
නිවැරැදි තක්සේරුවකට එළැඹෙන්නට අතීත අත්දැකීම් ඉතා වැදගත් වෙයි. තම්බි
මුදියන්සේගේ කතාව ද මේ රටේ ඉතිහාසය කිරා මැන බලන්නට මනා පිටිවහලක් සපයයි.
වත්මන් පරපුර තම්බි මුදියන්සේ ගැන දැන ගත යුත්තේ එබැවිනි. උපුටා ගැනීම- තම්බිමුදියන්සේ - ප්‍රමුඛ සිංහල ඔත්තුකරුවා සහ ඔහුගේ පරපුරේ කතාව (21 – 22 පිටුවලිනි.)
Thambi Mudiyanse - තම්බි මුදියන්සේ
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - History - ඓතිහාසික
- - Biography - චරිතාපදාන
- - Dharma Sri Kariyawasam - ධර්ම ශ්‍රී කාරියවසම්
- ISBN: 9789551725037
- Availability: Available
-
Rs. 850.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sammatha Yahapalanaya Saha Sri Lankawe Bhawithaya - සම්මත යහපාලනය සහ ශ්‍රී ලංකාවේ භාවිතය
යහපාලනය පිළිබඳව ගැඹුරු ශාස්ත්‍රීය විග්‍රහයක් සිදු කළ හැකි වුවත් මෙම ග්‍රන්ථය ලියන ලද්දේ එවැනි ආකාරයක..
Rs. 350.00
1915 Sinhala Marakkala Kolahala - 1915 සිංහල මරක්කල කෝලාහලය
මේ අතර අවස්ථාවාදී මුස්ලිම්වරු මංකොල්ලකරුවන්ගෙන් තම බඩු බාහිරාදිය ආරක්ෂා කරදුන් සිංහලයන්ගෙන්ම වන්දි ඉ..
Rs. 350.00
Ahalepola Kumarihami - ඇහැලේපොළ කුමාරිහාමි
ඇහැලේපොළ කුමාරිහාමි පිලිබඳ තොරතුරු රැසක් අඩංගු ග්‍රන්ථයකි...
Rs. 300.00
Kappetipola - කැප්පෙටිපොළ
1817 දී ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට එරෙහිව ඌවෙන් ඇරබුණු ජාතික නිදහස් සටනට නායකත්වය දුන්පි, ඌවෙ මහ දිසාව..
Rs. 350.00