"ඇයි ලොකු හාමුදුරුවනේ පාරිලෙයිය වනයේදීත්, බුදු හාමුදුරුවෝ උණු වතුර පාවිච්චි කළානේ"
"පාරිලෙයිය වනයට කොයින්දැ උණු වතුර? "
"අලි ඇත්තු ගල් පෙරලගෙන ඇවිත් ඇළ දොළට හෙළුවලු.එතකොට ඒ වතුර රත් වුණාලු"
රාහුල තෙරණුවෝ සුපුරුදු මඳහස නැඟූහ.
"ඔය උන්නාන්සේ නොදියුණු උපාසකම්මෙක් නොවෙයි නෙවැ. ඔය මූඪ සද්ධාවන්තයින් පිනවන්න ගොතපු බේගල්"
පුණ්ණජීටත් හිනා ය. "ඔය වගේ ගජබින්නාලංකාර බණ පොත්වලට රිංගවලා තියෙන්නේ මොකද ලොකු හාමුදුරුවනේ?"
"මෝඩ උපාසක අම්මලාගේ භක්තිය වඩවන්න නොවැ. එයින් බුද්ධ චරිතයත් හෑල්ලුවට ලක් වෙනවා"
ජයසේන ජයකොඩි - පිච්ච මල නවකතා මාලාව 1.පිච්ච මල 2.අරලිය මල් ආරාමය 3.මහමෙර 4.උපේකා 5.පින්කෙත 6.සිල් සුවඳ 7.සුදු නෙළුම 8.තෙර තරණය
Thera Tharanaya - තෙර තරණය
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Jayasena Jayakodi - ජයසේන ජයකොඩි
- ISBN: 9789555514925
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45