පවර උතුම් මගෙ හිමි සඳ ඔබ හැර ලා
ඉවර නොවන ගිනිකඳ අප හට දීලා
අවර ගිරග වැටුණා ලෙස වේය මුලා
නුවර ගොසින් මම ඉන්නේ කවුරු බලා
.
තෙමා වැටේ මගේ සළුපිළි නෙත් පුරවා
අමා රසක් වැනි හිමි සඳ සිහිවෙනවා
දමා කුමරු වැඩියා මට සිහිවෙනවා
මෙමා ඇර ලියෝ ලෙව් තුළ ඇද්ද තවා
.
සුවඳ බොජුන් වැළඳූ මගේ හිමි සඳුට
නිබඳ බොජුන් රසකර දුන් වළඳන්ට
සුවඳ පලාපල වැවියන් හිමියන්ට
සුවඳ මල් නිතර පිපියන් රන් කඳට
.
පිරිය ලෙසට සැතපුන අප මල් යහනා
බැරිය ඉතින් දැකලා මගේ පපුව දනා
වීරිය බුදු බවට බාධා නොව වඩිනා
සූරිය මඬල වැනි ඔබ සැනසුණ යහනා
.
කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ
නෑර කැටුව ආවා මම සරණ ගෙනේ
භාවනාව තොර නොකරමි ඉතින් අනේ
මාලිගාව අද අඳුරුයි සුවාමිනේ
.
හිමයේ ගොසින් මල් යහනක නිදනවද
කොමල අනගි සිරිපා දෙක රිදෙනවද
හිඟේ නැතුව දෙවියෝ මුර කරනවද
මගේ ඇත් රජුනි හිමි අද කොතනකද
.
කැලේ තිබෙන කොයි දේවත් රස වේවා
මලේ බමරු මෙන් පිරිවර ඇතිවේවා
අවුවේ තිබෙන රැස් මාලා අඩුවේවා
ගව්වෙන් ගව්ව දිව මාලිඟ සෑදේවා
Yasodarawatha - යසෝදරාවත
- Publisher: Santhawa Publishers - සන්තව ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Thibiriyagama Bandara - තිඹිරියාගම බණ්ඩාර
- ISBN: 9789550980292
- Availability: Available
-
Rs. 150.00
- KBOOKS Cashback Rewards: 15
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Vimalarathna Kumaragama Kolamba Yugaye Darshanika Kaviya - විමලරත්න කුමාරගම කොළඹ යුගයේ දාර්ශනික කවියා
කොළඹ යුගයේ දෙවැනි පරපුරේ තමාගේ සමකාලීන කවීන් බොහෝ දෙනකු රොමැන්ටික් ප්රවණතාවට හසුවී සොබා දහම ළමා ..
Rs. 450.00
Thagor Jeewanaya - තාගෝර් ජීවනය
කාලයේ අකාලික බැදීමෙන් විශ්වීය මිනිසා ඇමතූ කවියෙකුගේ අමන්දානන්දය."තාගෝර් ජීවනය"..
Rs. 450.00
Gee Winisa - ගී විනිස
හඳ රැඳි ගීතයේ ආත්මීය කියැවුම සුභාවිත ගීතයේ අරුත ප්රේක්ෂක මනසට කාවැද්දීම උදෙසා මෙම ග්රන්ථය මහඟ..
Rs. 300.00
Samanal Dalambuwo - සමනල් දළඹුවෝ
රෝහල් පෝලිමේ කල් මරණ මොහොතක දී කන ළඟ ම ඇසී ගිය පාවහන් උස් අඩියේ හඬකිනි පියවි ලෝකෙට පිවිස බ..
Rs. 300.00
Kavi Nowennath Puluwan - කවි නොවෙන්නත් පුළුවන්
කැටපත් පවුර කියවා, සීගිරියෙන් බැස සඳෙස් කවි මැවූ සොඳුරු පුරවර මැදින් කොළොම්පුර වැද,සරසවියෙ..
Rs. 300.00