Cheap Offers: http://bit.ly/gadgets_cheap
Cheap Offers: http://bit.ly/gadgets_ch
"මේකෙන් මාංචු කපන්න පුළුවන් "
ඇය වෙව්ලීය. සිරකරු සිනාවිය. මාව බේරගන්ට ඇවිත්. ඒත් කියතක් ඔහුට අවැසිව තිබුණේ නැත . ඔහුගේ දෙපා නිදහස්ව තිබිණි.
ඔහු කවුන්ටරයෙන් පැන එළියට ආවේය . ඒ පාද විලංගුවලින් මිදී තිබිණි . ඇයට අපහසුවක් දැනිණි. ඇය කියත දෙස බලා සිටියාය .
" කියත නැතුවාට කමක් නෑ .ඒත් නෝන තමයි මගෙ මාංචු ගැලෙව්වෙ .."
" ආ.." යටි අරුතක් නොදත් තරුණිය විශ්මය පළ කළාය. ඔහු දිගු කතාවක් ඇයට කීවේය .
" මගේ හැසිරීම හොඳයි කීවා . ඉතිං මගේ මාංචු ගැලෙව්වා . තව මාසෙකින් මං හොඳටම නිදහස් ..."අවසානයේ ඔහු පැවසීය .
ඇයට හැඬිණ . බොහෝ දේ කියන්නට තිබිණි. "මම ඔයාට කැමැත්තෙන් ඉන්න ඇති ..." ඇය විවෘතව කතා කළාය .
" මංතව ටිකෙන් ලොකු වරදක් කරනවා..."
ඔහු කල්පනා කරන්නට විය. කළ කෝලාහල හැරුණු විට තව කොයිතරම් දේ ලොව ඇත්ද ?
කොපමණ නම් සුන්දර ද ? පුදුම සහගත ද ? ඇත්තටම ඇය මට ආදරය කරනවා . ඔහුට
සියුම් උද්දීප්ත හැඟීමක් ඇතිවිය .
1993 වසරේ මුලින්ම පළවූ එය එම වසරේ ඌව පළාත් සාහිත්‍ය උළෙලේ හොඳම කෙටිකතා කෘතිය ලෙස සම්මානයට පාත්‍ර විය.
කෙටිකතා අටකින් සමන්විත 'තිත්ත සීනි' කෘතිය පාඨක විචාරක අවධානය බෙහෙවින් නතුකර ගත්තකි.
Thiththa Seeni - තිත්ත සීනි
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Nishanka Wijemanna - නිශ්ශංක විජේමාන්න
- ISBN: 97895515591081
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30