" කොරකගහහෙනේ තැන තැන ඇවිදිමින් කෑමක් බිමක් ඉල්ලන තත්ත්වයට තිලකාවතී
පත් වුයේ ඉන් පසුවය . වාඩියෙන් වාඩිය, ගෙපැලින් ගෙපැල ඇවිදිමින් සිව්
දෙනෙකුගේ කෑම වෙල වෙනුවෙන් යමක් ඉල්ලා ගෙන සිඟමන් තත්ත්වය ට ඇය ඇද වැටිණ.
උදේම තුවාය කරේ දමාගන්නා ඇය ගලයායේ මෙහා පැත්තෙන් ගමන අරඹයි.
ගෙයක්,පැලක් ,හේනක් , වාඩියක් ගානේ ඇවිදියි.
කුරහං ටිකක් , වට්ටක්කා ගෙඩියක් , ඇගිටි ටිකක් , ඉරිඟු කරලක් සොය සොයා දහ
අතේ ඇවිදී , දරුවන්ගේ කුස පිරවීමට යමක් ලැබුණු සැණින් නියරවලින් පැන
කෙටිපාර සොයමින් ගෙදර එයි.
ඒ එන මහ දවාලේ පවා බොහෝ විට දරුවෝ නිදි ය .
නැත්නම් පාවට්ටා ගහක් මුල හාමත් වෙලා ය. වියළි දෙතොල තෙත් කරගනිමින් ඈ
දරුවන් අමතන්නේ මහත් දුකකි නි. "
තුඹසක විලාපය.
48 - 49 පිටු
Thumbasaka Vilapaya - තුඹසක විලාපය
- Publisher: Sanhinda Publishers - සංහිඳ ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Upul Shantha Sannasgala - උපුල් ශාන්ත සන්නස්ගල
- ISBN: 9789558570362
- Availability: Out Of Print
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70