1830 ගණන් වලදී එළි දුටු මෙම නවකතාව සමකාලීනයන්ගේ අධ්‍යාත්මයෙහි පමණක් නොව ඉන්පසු පරම්පරාවල අධ්‍යාත්ම කෙරෙහිද අතිමහත් බලපෑමක් ඇති කළේය. සම්භාවනීය රුසියානු මහා කිවි මිහයිල් ලෙර්මන්තව් (1814-1841) විසින් අපේ කාලයේ වීරයෙක් නැමැති නවකතාව ලියැවිණි. නවකතාවේ වීරයා රුසියන් කොකේසියානු යුද්ධ හමුදාවේ නිලධාරියෙකු වු පෙචෝරින්ය. හේ විචක්ෂණ බුද්ධියෙන් කුසලතාවයෙන් හා උසස් අධ්‍යාපනයකින් හෙබියේය. ඔහු මිත්‍රත්වයේ සතුට හා ආලයේ වාසනාව නොදැන හුදකලාව ජීවත් වෙයි. ඔහුගේ හදවත සොවින් බරය. බලාපොරොත්තු කඩවීමේ සහ කාන්සියේ ජීවිතයක් ඔහු ගත කළේය. රදළ කුලීන විප්ලවවාදීන්ගේ 1825 දෙසැම්බර් නැගිටීම පාගා දැමීමෙන් අනතුරුව ඇතිවු භීම සමය හා එහි මනෝභාවය හෙළි කිරීමට කතුවරයා තැත් කරයි.
Ape Kalaye Virayek - අපේ කාලයේ වීරයෙක්
- Publisher: Kurulu Poth Prakashakayo - කුරුලු පොත් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Dedigama V Rodrigo - දැදිගම වී රුද්‍රිගු
- - Russian Translations - රුසියානු පරිවර්තන
- ISBN: 9789555912013
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35