"පරාජය හරි ජයග්‍රහණය හරි කියලා දේවල් නැහැ ග්‍රෙග්. ඒවා ග්රින්ගෝලා ඇති කර ගත්තු දේවල්. ඔයා ජීවත් වෙන්න ඕනෑ. එච්චරයි. හැමදාම ටික ටික, ඔයාට පුළුවන් තරම් හොඳට. ඒක හරියට ගමනාන්තයක් නැති ගමනක් වගේ. වටින්නේ යන ගමනයි. ඔයා ටිකක් ඔය ගමන හෙමින් කරන්න. මොකක්ද හදිස්සිය? මගේ ආච්චි අම්මා හැමදාම කිව්වෙ අපි ඔරලෝසුවට වහල් වෙන්න නරකයි කියලා."
"ඔයාගේ ආච්චි අම්මට ටිකක් පිස්සුයි කාමන්."
"හැම තිස්සෙම නෙමෙයි. සමහර වෙලාවට. එයා තමයි හොඳටම පියවි සිය තියෙන එක්කෙනා, අපේ ගෙදර හිටපු."
"මං ගිලිලා - තනියම "
ඔයා පතුලෙ ම වැදෙන්න ඕනෙ. ඊළඟට තමයි අත් දෙක ගහලා ආයේ උඩට එන්නෙ. අර්බුද කියන ඒවා අපිට හොඳයි. අපි වැඩිලා වෙනස් වෙන්නෙ ඒවයින් විතරයි."
"මං දිහා නිකමට බලන්න - මේ තමයි මම. මං කිසිම දෙයක් හරියට කරල නෑ - මගේ ළමයින්ගෙ පටන්. කාමන්, මං හරියට පීසාවෙ කුළුණ වගේ. මගේ අක්ෂය සත්‍යයෙන් ඈතයි. ඒකයි හැමදේම ඇඹරිලා එන්නෙ."
"කවුද ඔයාට කිව්වේ ජීවිතේ ලේසියි
කියලා? වේදනාවක් අරගලයක් නැති කෙනෙක් නෑ. තමුන්ගේ අක්ෂය හරි ගස්ස ගන්න ඕනෑ
තමුන්මයි. අවශ්‍ය නම් ඒ ටික කරන්න ඕනෑ. ඔයා දිහාම බලන්න ග්‍රෙග්; ඔයා හරියට
පිඟන් පිහිදාන තුවා කෑල්ලක් වගේ. ආත්මානුකම්පාවෙන් තැවෙන්න එපා. උරහිස්
පස්සට දාලා නැගිටින්න. ඔයා ජීවත් වෙලා තියෙන්නෙ දුවමින්. ඒ වුණාට හැමදාම
දුවන්න බැහැ. කොයි මොහොතක හරි නැවතිලා තමුන්ට ම මුහුණ දෙන්න ඕන. කොච්චර දුර
දිව්වත් ඔයා හැමතිස්සෙම ඉන්නේ එකම හමක් යට."
---------
"මං කලිනුත් ඔයාට කිව්වනෙ කාමන් මං වයසට යනවා."
"ඒ ටික අපි හැමෝටම වෙනවා. මං කැමතියි මගේ මූණෙ රැළි වලට."
Anantha Salasma - අනන්ත සැලැස්ම
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Bhadraji Mahinda Jayatilaka - භද්‍රජි මහින්ද ජයතිලක
- - Isabel Allende - ඉසබෙල් අයියන්දේ
- ISBN: 9789551558130
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65