"මට මැජික් ලාම්පුවක් හම්බවුණොත් මං ප‍්‍රාර්ථනා කරනවා, කාගෙවත් විශේෂ අවධානයක් නොලැබෙන මුහුණක් ලැබෙන්න කියලා. මං පාරේ ඇවිදගෙන යනකොට කාටවත් මාව පේන්නෙ නැතිවෙන්න ඕනෙ කියන දේ වගේම මාව දැක්ක ගමන්ම එක පාරට අහක බලාගන්න එකත් වෙනස් කරගන්න පුළුවන් නම්..."
ඇයි මං ස්කෝලෙ ගියෙ නැත්තෙ?
ලබන සතියේ මම පහේ පන්තියට යනවා. මං කවදාවත් ඉස්කෝලෙ ගිහිල්ලා නැති හින්දා මං සෑහෙන්න, හොඳටම සම්පූර්ණයෙන්ම බයෙන් ගල් ගැහිලා ඉන්නේ. මිනිස්සු හිතයි, මං ඉස්කෝලෙ ගියේ නැත්තේ මගේ පෙනුම නිසා කියලා. ඒත් ඒක එහෙම නෙමේ. ඒකට හේතුව මට මුහුණ දෙන්න වුණු ශල්යකර්ම නිසා. ඉපදුණු දවසේ ඉඳලා ශල්යකර්ම විසිහතක් කරලා තියෙනවා. බරපතළ ශල්යකර්ම කරනකොට මට අවුරුදු හතරක්වත් නෑ. ඒ හින්දා මට ඒවා මතක නෑ. එදා ඉඳලා අවුරුද්දකට ශල්යකර්ම දෙකක් හරි තුනක් හරි කළා (සමහර ඒවා ලොකුයි. සමහර ඒවා පොඩියි.) මං වයසට වඩා ප්රමාණයෙන් පුංචි නිසා දොස්තර මාමලා මට හරියටම පැහැදිලි නොකරපු ශල්යකර්මත් තියෙනවා. මං ගොඩක් වෙලාවට අසනීප වුණා. ඒ හින්දා මගේ දෙමාපියන් තීරණය කරන්න ඇති මාව ඉස්කෝලෙ යවන්නේ නැතිව ගෙදර තියාගන්න. ඒත් දැන් මං කලින්ට වඩා ශක්තිමත්. අන්තිම ශල්යකර්මය මට කළේ මාස අටකට ඉස්සෙල්ලා. ඒ වගේම තව අවුරුදු කිහිපයකට ශල්යකර්ම කරන්න වෙන එකක් නෑ කියලා මං හිතනවා.
Auggie - ඕගි
- Publisher: Susara Publishers - සුසර ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Ashani Ranasinha - අශානි රණසිංහ
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789553309655
- Availability: Out Of Print
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75