මෙම කෘතිය අයත් වෙන්නෙ පූර්ව විප්ලවීය රුසියාවට. කර්ලින්කෝ පූර්ව විප්ලවීය
රුසියාවෙ මෙන්ම විප්ලවයෙන් පසු පශ්චාත් විප්ලවීය සෝවියට් දේශය තුළත් කෙටි
කලක් ජීවත් වුණත් මෙම කෘතියෙහි කාල වකවානුව අයත් වන්නෙ පූර්ව විප්ලවීය
රුසියාවට. 'නරක උන් ඇසුරෙහි' කෘතිය තුළ
අපට ප්‍රධාන වශයෙන් දැක ගන්නට ලැබෙන්නෙ වංසක්කාර ප්‍රභූ දරුවකු ගර්හිත
යෑයි සලකන එහෙම නැත්නම් සමාජයෙන් පිළිකෙව් කරන ලද පීඩිත සමාජ කණ්ඩායමක
පොඩි දරුවකු හරහා ජීවිතය වටහා ගැනීමට දරන උත්සාහයක් මත පදනම් වුණු
වෘතාන්තයක්. මෙහි කතා තේමාව විශ්වීයයි. කතාව ගොඩනඟා ඇති ආකාරය තුළින් අපට
පැහැදිලිවම ප්රත්යක්ෂ වෙන්නෙ නරක උන්
යෑයි හංවඩු ගසා ඇති පිරිස් තුළ දක්නට ඇත්තේ සම්පූර්ණයෙන්ම එහි
ප්‍රතිවිරුද්ධ ස්වභාවය බවයි. ඔවුන් යහපත් මනුෂ්‍ය කොට්ඨාසයක් බව අපට
හැඟී යනවා. ඒ වගේම එසේ නරක උන් යෑයි හංවඩු ගසන පිරිස සැබෑ නරක උන් බව අපට පැහැදිලිව පෙනී යනවා. මේ ගැටලුව අපටත් තියෙනවා.
Naraka Un Asurehi - නරක උන් ඇසුරෙහි
- Publisher: Ahasa Publishers - අහස ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන කෙටිකතා
- - Vladimir Korolenko - ව්ලැදිමීර් කරලෙන්කෝ
- - Chulananda Samaranayake - චුලානන්ද සමරනායක
- - Russian Translations - රුසියානු පරිවර්තන
- ISBN: 9789557861005
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45