නීතිය අවනීතිය බවට හැරුණු පසුව, පාලකයා ඒකාධිපතියෙකු බවට හැරුණු පසුව ප්‍රජාතන්ත්‍රවාදයට මළ බෙර හඩවන්නටත් වෙලාවක් නොලැබෙයි . ඉන්පසු රජයෙන් භීෂණය පමණි. එහි ශේෂ පත්‍රය සමන්විත වනුයේ ඝාතන, අතුරුදහන්කිරීම් සහ දේපල හානි වැනි අපරාධයන් පිළිබද පුවත්පත් වලිනි.සමාජයම ත්‍රස්ත කිරීම මගින් තම පාලනය සුරක්ෂිත කර ගත හැකි යයි කල්පනා කරනා ජනතා විරෝධී පාලකයා ජනතාවගේ නාමයෙන් යයි කියමින් ජනතාවගේ උරුමයන් කොල්ල කයි ජනතාවට සිදුවන්නේ පාලකයාගේ සහ ඔහුගේ අනුග්‍රහ ලබන කල්ලිවල පීඩාව දරා සිටීමටය. ඊට එරෙහිව නැගීම යනු මරණය තෝරා ගැනීමකි. එහෙත් අන් විකල්පයක් නැති තැන ජනයාට කරන්නට කරන්නට සිදුවන්නේද එයමය. මේ නවකතාව අතුරුදහන් කරන ලද තම ලබැදියන් ඉල්ලා මරණ නොතකා පෙරට එන කාන්තාවන් පිරිසකගේ ධෛර්ය සම්පන්න අරගලය පිළිබදවය. සැල්වදෝර් අයියන්දේ ඝාතනය කරමින් පිනෝෂේ විසින් මුළු චිලියම ලේ විලක් කළ අතීත පසුබිමක රචිත මේ නිර්මාණය අතුරුදහන් කිරීම් ගැන නිරතුරු කතා කරනා අප සමාජය තුළ අවධානයට ලක්විය යුතුය.
Wandabuwo - වැන්දඹුවෝ
- Publisher: Ahasa Publishers - අහස ප්රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chulananda Samaranayake - චුලානන්ද සමරනායක
- - Books to read in Quarantine
- ISBN: 9789557861662
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45