සීතල
අන්ධකාරය යළිත් පැමිණ තිබිණි. වහලයේ ඇණ තුහිනවලින් සුදු පැහැ ගැන්වී තිබූ
අතර ජනෙල් වීදුරු අළු පැහැති විය. එහි සිදුරක් සාදා ගත් විට දැකගත හැකි
වූයේ වීදුරුවෙන් අනික් පැත්තේ ඇති වේගයෙන් කැරකෙන තනි සුදු පැහැය පමණි.
ශක්තිමත් නිවස වෙවුලන්නටත්, සෙලවෙන්නටත් විය. සුළග ඝෝරනාද කළේය. උඩු
බිරුවේය. අම්මා ගොතන ලද පාපිසි දොරවල් යටට තද කොට තැබූ නමුත් සීතල බඩගාමින්
ඇතුළට ආවේය. අප්පච්චි උදේ හා සවස රෙදි වැළ අල්ලාගෙන
ඉස්තාලයට ගොස් අශ්වයින්ට, එළදෙනට හා වස්සාට කන්නට දුන්නේය. ඔහුට වියළි
තණකොළ පිරිමසා ගැනීමට සිදුවිය. ඔහු කොතරම් සීතලෙන් ගෙතුළට ආවේද යත් ඔහුට
උණුසුම් වීම අසීරු විය. උදුන ඉදිරිපිට වාඩිවන ඔහු ග්‍රේස්ව සිය දණහිස මත
හිඳුවාගෙන කේරිවත් සමීපයට ගෙන, මේරිට හා ලෝරාට කියා තිබූ වලසුන් සහ අදුන්
දිවියන් ගැන කතාන්දර කීවේය. ඉන්පසු සන්ධ්‍යාවේදී සිය රවුකිඤ්ඤය ගත් ඔහු
ප්‍රීතිමත් තාල වාදනය කළේය. පිටත
කාමරයේ ගොඩ ගසා තිබූ අඟුරු සියල්ලම වාගේ අවසන් වී ඇති බව ලෝරා දැන
සිටියාය. නගරයේ තවත් අඟුරු නැත. ඔවුන් රෑ කෑම කන වේලාවට පමණක් අම්මා
ලාම්පුව පත්තු කළද ඒහි තෙල් අඩු වී ගොස් තිබිණි. දුම්රිය එන තුරු මස්
ලැබෙන්නේ නැත. නිවසේ බටර් නොවූ අතර පාන්වල තැවරීම සඳහා මස්වලින් ගත් තෙල්
ස්වල්පයක් පමණක් ඉතිරි වී තිබිණි. නිවසේ අර්තාපල් තිබූ නමුත් තවත් එක පාන්
ගෙඩියක්වත් පිලිස්සීම සදහා පිටි තිබුණේ නැත.
~ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හය වැනි කොටස ~
Seethalen Seetha Wunu Seetha Samaya - සීතලෙන් සීත වුණු සීත සමය
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Children's - ළමා කෘති
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - පරිවර්තන ළමා කෘති
- - Ganga Niroshinie Suduwalikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
- - Laura Ingalls Wilder - ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්
- - Books to read in Quarantine
- ISBN: 97895565202111
- Availability: Available
-
Rs. 1,600.00
- KBOOKS Cashback Rewards: 138
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Wana Aranaka Kuda Niwasa - වන අරණක කුඩා නිවස
එහෙත් මේ සියල්ලටම වඩා හොදම කාලය උදාවන්නේ අප්පච්චි ගෙදර පැමිණි පසු රාත්‍රියේ දී ය. හිමෙන් වැසුණු වනය..
Rs. 900.00
Thanithalawe Pihiti Kuda Niwasa - තැනිතලාවේ පිහිටි කුඩා නිවස
නත්තල ළඟ ළඟ එමින් තිබූ අතර හිම නොමැතිව නත්තල් සීයාට හා ඔහුගේ පිනි මුවන්ට ගමන් කිරීමට නොහැකි වනු ..
Rs. 1,200.00
Midi Oya Asabada - මිදි ඔය අසබඩ
මේ කතාවෙන් කියවෙන්නේ ඉන්දියානු ප්‍රදේශය අතහැර තවත් ඈතට ගොස් ‘මිදි ඔය’ අසබඩ සිය නිවස සාදාගන්නා අයුර..
Rs. 1,250.00
Ridee Wil Thera - රිදී විල් තෙර
~ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ පස්වැන්න සඳ එළිය දීප්තිම..
Rs. 1,250.00
Almanso Punchi Goviya - අල්මන්සෝ පුංචි ගොවියා
රාත්‍රි ආහාරයෙන් පසු අල්මන්සෝ ඉතිරි වූ කෑම පිඟානක් රැගෙන ගොස් ඒවා ලූසිට කන්නට දුන්නේය. ඔහු අගුවේ..
Rs. 1,320.00
Me Mihirathi Sonduru Samaya - මේ මිහිරැති සොඳුරු සමය
"ඔයා කළු ඇඳගෙන කසාද බඳිනවා කියල හිතන්න නං මං කැමති නෑ " අම්මා කීවා ය. "ඔයා දන්නවනෙ කතාවක් තියෙනවා ..
Rs. 1,400.00
Gedara Yana Atharamaga - ගෙදර යන අතරමග
1894 වසරේදී දකුණු ඩකෝටාවේ සිට මිසුරියේ මෑන්ස්ෆීල්ඩ් දක්වා ගිය ගමනකදී ලියැවුණු දින සටහන්. රෝස් වයිල්ඩ..
Rs. 380.00
Elisage Balu Patiya - එලිසාගේ බලු පැටියා
සුනඛ වලාකුළ, අද්භූත නරවෘක වලාකුළක් බවට පත්විය. එලිසා මිදුල වටේ ඇවිදිමින් සහ පැන්ඩා පඳුරු ගවේෂනය ක..
Rs. 370.00
Malory Towershi Seetha Samaya - මැලෝරි ටවර්ස්හි සීත සමය
මේ නවය පන්තියේ දැරියන් විසින් ඔබට කරනු ලබන කාරුණික ආරාධනයයි.එන්න, අප හා එක්ව නවක ගුරුතුමියන්ව හඳුනා ..
Rs. 750.00
Malory Towershi Gimhanaya - මැලෝරි ටවර්ස්හි ගිම්හානය
ලෝකය දෝතට ලැබුණ ද මේ අවස්ථාව අත්හරින්නේ නැහැ.ගිම්හානය යනු මැලෝරි ටවර්ස් වලට විනෝද ගමන්, අසුන් පිට යෑ..
Rs. 430.00