Babara Cartland විසින් රචිත Hidden Heart පොතේ සිංහල පරිවර්තනය.
සිල්වියා චේස් මෙනෙවිය ෂෙල්ඩන් හෝල් මන්දිරය වෙත යන්නේ මිය යමින් සිටි කනිංහැම් මහත්මියගේ ඉල්ලීමක් ඉටු කිරීමටය. සිය සැමියා වූ සර් රොබර්ට් ෂෙල්ඩන්ගෙන් වෙන්ව සිටි ඇයට අවශ්‍ය වූයේ තම මරණින් පසු ඔවුන්ගේ දියණිය වූ ලුසීට ඇගේ පියාගේ රැකවරණය ලබා දීමටය. සිල්වියා සමග එහි යන ලුසී, සර් රොබට්ගේ දියණිය ලෙස පිළිගෙන බාරගත් අතර තම මවගේ මරණින් මතු අනාථ තත්වයට පත්ව සිටි සිල්වියාට ලැබෙන්නේ ලුසීගේ ගුරුවරිය ලෙස ෂෙල්ඩන් හෝල්වල නැවතී සිටීමේ අවස්ථාවය. සිල්වියා මන්දිරයේ රදවා ගැනීමට සර් රොබර්ට් දැක්වූයේ විශාල කැමැත්තකි. දුටු පළමු දිනයේම ඇගේ සිත ඔහු වෙත ඇදී ගියේ එලෙසින්මය.
එය එසේ වුවද සර් රොබර්ට්ගේ අද්භූත ගති ලකෂණ නිසා සිල්වියා පත්ව සිටියේ වික්ෂිප්ත බවකටය. කෙසේ නමුත් සිල්වියා මන්දිරයේ නැවතී සිටීම සම්බන්ධයෙන් නොකැමැත්ත පෙන්වා සිටි සර් රොබර්ට්ගේ මව වූ ආර්යා ක්ලෙමෙන්ටිනා, සිල්වියාට ලබාදුන් ප්‍රථම උපදේශය වූයේ තම පුත්‍රයාගේ ආකර්ශනය ඇති වන ආකාරයේ සියලු කටයුතු වලින් වැලකී සිටිය යුතු බවය. ඇය කීවේ "මගේ පුත්‍රයා නුඹ සදහා නොවේය" යන්නය. අබිරහස් ෂෙල්ඩන් හෝල් මන්දිරයේ තහනම් ආදරයකට අවස්ථාවක් තිබුනේද? සිල්වියාගේ ඉරණම කෙලෙස විය හැකිද?
Sangawunu Adaraya - සැඟවුණු ආදරය
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - L S S Pathirathna - එල් එස් එස් පතිරණ
- - Babara Cartland - බාබරා කර්ට්ලන්ඩ්
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556913538
- Availability: Out Of Print
-
Rs. 680.00
- KBOOKS Cashback Rewards: 68