මහා කවි පැබ්ලෝ නෙරූදා ස්පාඤඤ සරණාගතයන්ගේ ගැලවුම්කාරයා විය. බාසිලෝනාවේ සිට ප්‍රංශය කරා ඇදුණු මේ ජනකාය නෙරූදා විසින් සංවිධානය කර දුන් 'විනිපෙග්' නෞකාවේ නැඟී එදා යාත්‍රිකයන් ලෙසින් චිලී දේශය බලා ගියේ දෛවෝපගත ගමනකි.
යුරෝපය තුළ දෙවැනි ලෝක යුද්ධයේ ගිනිදැල් ඇවිළෙද්දී ඔවුහු සංක්‍රමණික ජීවිතයකට මුල පිරූහ. 1939 සැප්තැම්බර් 03 වැනිදා චිලී පොළොව මතට ඔවුන් පා තැබුවේ තෙවසරක ස්පාඤ්ඤ සිවිල් යුද්ධය නිසා සියලු දෙයක්ම අත්හැර දමා ආ සරණාගතයන් ලෙසිනි. එහෙත් තරුණ වෛද්‍යවරයකු වූ වික්ටර් දල්මව්, අත්හැර දැමිය නොහැකි වගකීමකින් බැඳී සිටියේය. ඒ, යුද බිමේදී දිවි පිදූ සිය සොයුරාගේ සහකාරිය වූ රෝසර් ගේ දෛවය ද ඔහුට බාරව තිබූ හෙයිනි. පියානෝ වාදන ශිල්පිනියක වූ ඇය ඒ වනවිටත් ගැබිනියකව සිටියාය.
මහා කවි පැබ්ලෝ නෙරූදා ස්පාඤ්ඤ සරණාගතයන්ගේ ගැලවුම්කාරයා විය. බාසිලෝනාවේ සිට ප්‍රංශය කරා ඇදුණු මේ ජනකාය නෙරූදා විසින් සංවිධානය කර දුන් 'විනිපෙග්’ නෞකාවේ නැඟී එදා යාත්‍රිකයන් ලෙසින් චිලී දේශය බලා ගියේ දෛවෝපගත ගමනකි.
චරිත ජාලයක පැටළුණු වික්ටර් - රෝසර් අඩ සියවසක වෘත්තාන්තය නව යෞවනයේ ආදර බැඳීම්, සිත් කම්පාවීම්, සැරිසැරීම්, වියෝවීම් මධ්‍යයේ පරම්පරා හතරක් ඔස්සේ ගලා යයි.
ඉසබෙල් අයියන්දේ ඓතිහාසික නවකතාකාරිනියක ලෙසින් මෑතකදි සිය ශක්‍යතා ඉහළින්ම ප්‍රකට කළ කෘතිය ‘ALong Petal ofThe Sea' යන්න විචාරක මතයයි..
Sayuru Thera Sahan Bima - සයුරු තෙර සහන් බිම
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Isabel Allende - ඉසබෙල් අයියන්දේ
- - Rohana Weththasinha - රෝහණ වෙත්තසිංහ
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553123886
- Availability: Available
-
Rs. 1,600.00
- KBOOKS Cashback Rewards: 160