"රාත්රී
වෙලාවලදී... චිත්රා මගේ උර මතට ගන්නා අවස්ථාවලදී එක්තරා ‘ආගන්තුක සුවඳක්’
නැගී එයි. ඒ ඡායාව අවට කරකැවෙමින් කොහේ සිට හෝ මතු වී එයි. මා වැළඳ ගන්නට
පෙර, එය ඇගේ උරහිස් වැළඳ ගනියි... මා ඇගේ උර මත අතක් තබන විට තවත් අත්
දෙකක් මට පළමුව එහි ප්රාදූර්භූත වෙයි. එම ඡායාව මට චිත්රා අසළට යන්න නොදී
වළකයි... චිත්රාගේ ඇස්වලට මා එබෙද්දී එහි ඇස් හතරක් එබෙනු පෙනෙයි...
උරහිස් හතරක් ඈ වැළඳ ගෙන සිටියි. තොල්පටවල් හතරක් ඇයට ආදරය කරමින් සිටියි.
කාර්යාලයේ සිට නිවසට එද්දී දොර අසල නැවතෙමි. දොරට තට්ටු කරමි. මට දැනෙන්නේ
මට පළමුව ඒ ඡායාව මෙහි ළඟා වී ඇත්තා සේය. අප දෙදෙනාම දොරට තට්ටු කර ඇත...
එම ඡායාව ඉදිරියෙන් ගමන් කරයි. මම එය ළුහුබැඳීම පමණක් කරමින් සිටිමි. එම
ඡායාව යමක් කරයිද, මමද එයම කරමින් යමි. හරියට යුද්ධයකදී සිදු වන්නා සේය....
ඔහු මට කලින් නිවෙසට ගොඩ වෙයි. මට කලින් චිත්රා සමග කතා - බහ කරයි. ඇගේ
ඇස්කොන් බැල්ම, සිනහවේ නොඉඳුල් බව උරා ගනියි... මම යමක් කරන්නට සිතන විට ඒ
ඡායාව මට පළමුව එය කරයි."
****
තිස්රා ආද්මි ගේ කම්ලේශ්වර් නවකතාවේ සිංහල පරිවර්තනය
Thewanna - තෙවැන්නා
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Books Published in 2020 - 2020 වසරේ ප්රකාශිත පොත්
- - Upul Ranjith Hewavithanagamage - උපුල් රංජිත් හේවාවිතානගමගේ
- - Kamleshwar - කම්ලේශ්වර්
- ISBN: 9789556779530
- Availability: Available
-
Rs. 325.00
- KBOOKS Cashback Rewards: 33