"තුන්කාලක්ම පිරිල දිළිසෙන හඳේ එළියෙන් මං ඔයාගේ මූණෙ පැතිකඩ දිහා බලනවා මගේ පුතේ. අහිංසක නින්දකින් වැහිලා තියෙන ඔයාගෙ ඇහි පිහාටු හරියට , හැඩේට ඇඳපු අකුරු මෝස්තරයක් වගෙයි.'මගේ අත අල්ලගන්න. කිසිම නපුරක් වෙන්නේ නෑ' කියලා මං ඔයාට කිව්වා."
"වෙරළ ඇහැට පේන මානෙන් නොපෙනී ගිහින් , අපි මහ සැඩ රළ ගොඩ මැද උඩ විසි වෙවී , ඇලවෙවී , ලේසියෙන්ම අතුරුදහන් වෙලා යන පුංචි තිතක් බවට පත් වුණාම , බෝට්ටූව නිවැරදිව හසුරුවන්න දෙවියනේ, කියලා මං යාතිකා කරනවා.
"ඒ , මේ බෝට්ටුවෙ අරන් යන වටිනාම වස්තුව ඔයා නිසයි , මර්වාන්. මේ ලෝකෙ තියෙන ලොකුම සම්පත."
"මුහුද මේ බව දැනගනිත්වා කියලා මං ප්‍රාර්ථනා කරනවා. ඉන්ෂාල්ලාහ්"
............................
Sea Prayer කෘතියට අනුප්‍රාණය ලැබුණේ 2015 සැප්තැම්බරයේ යුරෝපයේ රැකවරණය පතා යන අතරේ මධ්‍යධරණී මුහුදේදී ගිලී ගිය තුන් හැවිරිදි සිරියානු ජාතික සරණාගත සිඟිත්තා වන අලන් කුර්දිගේ කතාවෙනි.
අලන්ගේ මරණයෙන් පසු ගෙවුණු වසරක කාලය තුළ එබඳු මුහුදු ගමන්වල යෙදීමෙන් මියගිය හෝ අතුරැදහන් වූ අයගේ සංඛ්‍යාව 4176 කි.
යුද්ධයෙන් පලා යනු පිණිස යෙදුණු අන්තරායකාරී මුහුදු ගමන් අතරතුර මියගිය සහ විපතට පත්වූ දහස් ගණන් සරණාගතයින් වෙත මේ පොත පිළිගැන්වෙයි.
Samudda Yathikawa - සමුද්ද යාතිකාව
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Ganga Niroshinie Suduwalikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
- - Khaled Hosseini
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - Books to read in Quarantine
- ISBN: 978955652367
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35