ෂෝෂා ගේ විවාහ මංගල්‍යයට පැමිණීමට ඔහු සූදානම්ය. ඈට ස්ලොටිස් දහසක දෑවැද්දක් ද පිරිනමනු ඇත. අනාගත මාමණ්ඩියකට ගැළපෙන පරිද්දෙන්ම මගේ අනාගත ආදායම් මාර්ග ගැන ශක්‍යතා ගැන ඔහු කරුණු විමසීය. ඉන් පසු තියඛෙල් තැබූ වොඩ්කා බෝතලයෙන් වීදුරු බාගයක් වක්කර ගත් ඔහු මෙසේ පිළිවිසියේය.
'අවංකවම මගේ ෂෝෂා ගේ මොකක් ද ආරෙල් දකින්නේ? ඉස්සරහකුත් නැහැ, පස්සකුත් නැහැ, ලෑල්ලක් සහ හිලක් විතරයි'
'තාත්තේ මොනවද මේ කියවන්නේ. මටත් ලැජ්ජයි.'
තියඛෙල් කෑගැසුවා ය.
'මොකට ලැජ්ජ වෙන්නද? භූමදාන සමිතියේ ඉන්න අපි දන්නවා ඇත්ත මොකද්ද කියන එක. ගෑණියෙක් පිට ලෝකෙට පේන්න සැරසිලි දාන්න පුළුවන්. පාට ගාලා, පවුඩර් ගාලා, බොස්තරොක්ක ඇඳලා ... ඒත් අපි මිනී ඇඳුම් අන්දන්න එයාගේ ඇඳුම් ගලවන කොට...'
'ඔය කතාව නැවැත්තුවෙ නැත් නං, මං යනවා යන්න.'
තියඛෙල් තදින් කියා සිටියාය.
'හරි දුව, කේන්ති ගන්න එපා. අපි කවුරුත් ඒ වගෙයි. ඒකයි අපි බොන්නේ. බීම නැති වුණොත් අපිට පැවැත්මක් නැහැ. ආරෙල් බොන්නේ නැහැ නේ?'
මා දෙසට හැරෙමින් ඔහු විමැසීය.
Shosha - ෂෝෂා
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Gamini Viyangoda - ගාමිණී වියන්ගොඩ
- - Isaac Bashevis Singer - අයිසෙක් බුෂෙවිස් සිංගර්
- ISBN: 9789553119667
- Availability: Available
-
Rs. 1,500.00
- KBOOKS Cashback Rewards: 150