මෙහිදී වානරයන් ගේ ටාර්සන්, තම ජීවිතයේ මුල් කාලය පිළිබඳව - එ නම්, තමා මහ වනයේ උපත ලද සැටිත්, තම දෙ මවු පියන් මිය ගිය සැටිත්, කාලා නමැති දැවැන්ත වානරිය තමාට කිරි පොවමින් ළදරු කාලයේ සිට තරුණ කාලය දක්වා ම වාගේ හදා වඩා ගත් සැටිත් ප්රථම වතාවට තම පුත්රයාට කෙටියෙන් කියා දුන්නේ ය. එ පමණක් නො ව මහා වනාන්තරයේ පවත්නා අන්තරාවන් හා භීෂණයන් පිලිබඳ ව ද, දිවා රාත්රී දෙක්හි තමා පසු පසින් හඹා එන දරුණු වන මෘගයන් පිළිබඳ ව ද, නියං සායවල් හා ධාරානිපාත මහා වර්ෂා කාලයන් පිළිබඳ ව ද ක්ෂුධාවෙන් පීඩා විඳින්නට සිදු වන කාල පරිච්ඡේදයන් හා අධික උෂ්ණයෙන් පීඩා වන කාල පරිච්ඡේදයන් පිලිබඳ ව ද නිරුවතින් භයෙන් හා වධ වේදනා විඳිමින් ජීවත් වීමට සිදු වන කාලයන් පිලිබඳ ව ද ඔහුට කරුණු කියා දුන්නේ ය. වනයට යම් කිසි ආශාවක් ඇත හොත්, එය ළමයා ගේ සිතෙන් දුරු කර දමනු සඳහා, ශිෂ්ට සමාජයක ජීවත් වන්නකුට ඉතාම භිහිසුණු යැ යි සිතෙන සෑම දෙයක් ගැන ම, වානරයන්ගේ ටාර්සන් සිය පුත්රයාට කීවේ ය. එසේ වුවද, ටාර්සන් ගෙ සිත මහා වනයට ඇදී ගොස් තිබුණේ ද මේ කරුණු නිසා ම ය. මේවායින් ඔහු මහත් සේ ප්රිය කළ වන ගත ජීවිතය සමන්විත වී තිබුණේ ය. මේවා කීමේ දී ඔහු එක් කරුණක් අමතක කර තිබිණ. එ නම්, තමා කියන දේවලට ඉමහත් ආශාවකින් මේ සවන් දී ගෙන සිටින්නේ, වානරයන් ගේ "ටාර්සන් ගේ පුත්රයා" ය යන්නය.
ත්රාසය දනවන මෙම වීර වික්රමාන්විත නව කතාවේ දී සිය පියාණන් සේ ම ත්රාස ජනක ක්රියාවන්ට ආශා කරනු ලබන ටාර්සන්ගේ පුත්ර කොරැක් ශිෂ්ඨ සමාජයට සමු දී වන ගත වීමත් වනයේ දී එහි වෙසෙන ප්රභලතම වානරයා වූ අකුටි ගෙන් වන ශිල්පය හැදෑරීමත් අරාබි තරුණියක හා පෙමින් බැදී ඇය ද සමග මහා වනගහනයට පිවිසීමත් විස්තර වේ.
Tarzan Ge Puthraya - ටාර්සන් ගේ පුත්රයා
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - K G Karunathilaka - කේ ජි කරුණාතිලක
- - Edgar Rice Burroughs - එඩ්ගාර් රයිස් බරෝස්
- ISBN: 9789555511187
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40