මෙහිදී තමා ඉදිරියේ සිටි වානර සමූහයා දෙස ප්රශ්නාංකය දල්වා බැල්ම එල්ල කෙළේ පැරණි ටාර්සන් ය. සිය මුහුණට වැටුණු බර කෙස් කළඹ ආපසු පස්සට ගසා ගන්නාක් මෙන්, හිස ගස්සා ආපසු සැලූයේ පැරණි ටාර්සන් ය - මෙය ඔහු ගේ ගනට වැඩුණු කාල වර්ණ කෙස් කළඹ දෙ උර දක්වා දිගු ව තිබුණ කාලයේ දී, ඔහුට ඇතිව තිබුණ පරණ පුරුද්දක් වී ය. එය එ කල බොහෝ විට දෙ නෙත මත කඩා වැටුණේ ය. මෙ සේ මොහොතකට හෝ ඉදිරිය නො පෙනී යෑම, මරණයෙන් වුව ද කෙළවර වන්නට ඉඩ තිබිණ.
මෙම ත්රාසජනක නව කතාවේ දී සිය සුපුරුදු වන ගහනයෙන් ඈත් ව සිටින ටාර්සන්ට සිය පුත්රයා සහ සිය ආදරණීය බිරිද පැහැරගත් සුදු මිනිසුන්ගෙන් සැදි කොල්ල කාරයන් කණ්ඩායමක් පිළිබදව සැල වේ.
කෝපාවිෂ්ඨ ටාර්සන් භයංකර වන සිවුපාවන් ගේ ආධාරයද ලබමින් ඔවුන් ගලවා ගැනීම විස්තර වේ.
Tarzange Wana Siwpawo - ටාර්සන්ගේ වන සිව්පාවෝ
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - K G Karunathilaka - කේ ජි කරුණාතිලක
- - Edgar Rice Burroughs - එඩ්ගාර් රයිස් බරෝස්
- ISBN: 978955551075X
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40