නත්තල
ළඟ ළඟ එමින් තිබූ අතර හිම නොමැතිව නත්තල් සීයාට හා ඔහුගේ පිනි මුවන්ට ගමන්
කිරීමට නොහැකි වනු ඇතැයි ලෝරා බියට පත්වී සිටියාය. හිම වැටුණද, මේ තරම්
දුර ඈත ඉන්දියානු දේශයක සිටින ඔවුන්ව නත්තල් සීයාට සොයා ගනු නොහැකි වනු
ඇතැයි මේරි බියට පත් වූවාය. ඔවුන් අම්මාගෙන් ඒ පිළිබද විමසූ විට තමා ඒ ගැන
නොදන්නා බව ඇය කීවාය.
“අද කවද්ද?” යි ඔවුහු අවුල් වී ගිය සිතින්
යුතුව අම්මාගෙන් ඇසූහ. “නත්තල් එන්න තව දවස් කීයක් තියෙනවද?” ඔවුන් සිය
ඇඟිලිවලින් දින ගණන් කරන්නට වූ අතර අන්තිමේදී එක ම එක දවසක් පමණක් ඉතිරි
විය.
ඒ උදෑසන පටන්ම වර්ෂාව ඇද හැලෙන්නට විය. අළු පැහැති අහස් තලයේ
එකම එක හිඩැසක්වත් නොවීය. මධ්‍යාහ්නයට මොහොතකට පෙර ආලෝකය වෙනස් විය.
වලාකුළු කැඩී ඒ මේ අත පාවෙන්නට වූ අතර පැහැදිලි නිල්වන් අහස් තලයේ දිලිසෙන
සුදු පැහැයක් විය. හිරු බැබළෙන්නට වූ අතර කුරැල්ලෝ ගී ගැයූහ. දහස් ගණන් දිය
බිඳු තණ පලස් මත දිලිසෙන්නට විය. එහෙත් අම්මා නැවුම් සීතල සුළඟට ගෙතුළට
එනු පිණිස දොර හැරිය විට ඔය මහ හඬක් නඟමින් ගලා බසිනු ඔවුන්ට ඇසිණි.
Thanithalawe Pihiti Kuda Niwasa - තැනිතලාවේ පිහිටි කුඩා නිවස
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Children's - ළමා කෘති
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - පරිවර්තන ළමා කෘති
- - Ganga Niroshinie Suduwalikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
- - Laura Ingalls Wilder - ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්
- - Books to read in Quarantine
- ISBN: 9789556520422
- Availability: Available
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 110