Kiss The Dust කෘතියේ සිංහල පරිවර්තනයයි.
"අනේ එපා.. ඕක නවත්තගන්න.." ටෙරිස්කා ඛාන් දෝතින්ම කන් දෙක වහගත්තා. "මට ඔය දරුණු කතා තවත් නම් කියන්න එපා අම්මේ.. මට ඉවසගන්න බෑ.."
"ඒ කියන්නෙ..." තාරා ඇහුවා.. "තාත්තයි අස්තියි ආපහු එන්නෙ නෑ කියලද.. කවදාවත්..?"
"එයාලා එයි.. එයාලා අනිවාර්යෙන්ම එයි.." අම්මා කිව්වා.
"නෑ එයාල එන්නෙ නෑ.." අත්තම්මා මහ නපුරු විදිහට කිව්වා. "ඒ ගොල්ලන්ට ආපහු
එන්ඩ බෑ.. අඩු ගාණෙ මේ යුද්දෙ ඉවර වෙනකල්වත්.. අඩු ගාණෙ අලුත් ආණ්ඩුවක් පත්
වෙනකල්වත්.. ඔයගොල්ලන්ටත් වහාම මෙහෙන් යන්ඩ වෙනවා.."
"මෙහෙන් යන්න..? මේ ගෙදරින් යන්න..? කොච්චර කාලෙකටද..?" තාරා ඇහුවා.
"මගෙන් අහන්ඩ එපා දරුවො.. මේ යුද්දෙ ඉවර වෙන්නෙ කවදද කියල මං දන්න එකක්යැ.. ඒ ගැන කියන්ඩ කවුරුද දන්නෙ..?"
Thara - තාරා
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Muditha Herath - මුදිතා හේරත්
- ISBN: 9789556911992
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50